සම්බුද්ධත්ව ජයන්තිය හා ධර්මය
මෙරට ථෙරවාදී ශක්‌තිය නැතිකිරීමට බටහිරයන් දෙමළ ජාතිවාදය යොදාගත් අන්දම?
සම්බුද්ධත්ව ජයන්තිය හා ධර්මය
මහාචාර්ය නලින් ද සිල්වා.
දිවයින.
17 අප්‍රේල් 2011
සම්බුද්ධත්ව ජයන්තිය සර්ව ආගමික උත්සවයක් බවට පත්කිරීමට උපදෙස් දුන්නේ කවුද?
සම්බුද්ධත්ව ජයන්තියේ උෙද්‍යාගය මැකීමට ඉදිරිපත්වන බලවේග රටේ එමට ඇත?
සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව දැනුම ?
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට අධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය ථෙරවාද බුදුසසුනයි.!
හැමතැනම දැල්වෙන්නේ එකම පහනය !සංකල්ප?
ඊනියා සර්වාගමික වැඩසටහන්, විවිධ ආගමික සංධාන, පල්ලි නිකාය, ඊනියා පැවිදි සංවිධාන?
අඟේ සිට කන කෑමේ ප්‍රතිපත්තිය?
පැවිදි සංවිධානවල නියමුවන් වන පස්‌ගව මහනුන්?
කෙරෙන්නේ භික්‍ෂුත්වය කෙළෙසීමක් බව ඊනියා බුද්ධිමතුන් නොදන්නවා නො වේ...
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නිවට දාසයන් වූ කසිකබල් බුද්ධිමතුන් ...
භික්‍ෂුත්වය කෙළෙසීම සඳහා එවැනි වාග් ප්‍රයෝග ?
බුදුදහමේ ඉගැන්වෙන ධර්මයට ඉහළින් ඇති තවත් ධර්මයක් ?
මේ හීනමාන බුද්ධිහීනයෝ ඒ නූතනත්වයේ පොරවල් වීම සඳහා ථෙරවාදයට පහර දෙති.
කාදිනල්තුමාගේ ලෝගුව යට තවත් දේ?
බෞද්ධයන් නොමඟ යෑවීමට කරන ලද ප්‍රකාශ?
තවමත් එතරම් උෙද්‍යාගයක් නැතත් මේ සම්බුද්ධත්වයේ දෙදහස් හයසිය වැනි ජයන්තිය වෙයි. පනස්‌හයේ බුද්ධ ජයන්තිය සම්බන්ධයෙන් ජනතාව දැක්‌වූ උනන්දුව හා උෙද්‍යාගය මෙවර දක්‌නට නැත්තේ අප ගෞතම බුදුන්වහන්සේගේ බුද්ධ ශාසනය අවරට ගොස් ඇති බැවින් ද? එසේත් නැත්නම් පනස්‌හයේ නොතිබූ ජාතිකත්වයක් දැන් ඇති වී තිබෙන හෙයින් සම්බුද්ධත්ව ජයන්තියට අලුතෙන් ඇතිකිරීමට තරම් දෙයක් දැන්ට නැති නිසා ද? ඒ එසේ වන්නට හැකිය.
එහෙත් වෙනත් බලවේග ද මෙරට ක්‍රියාත්මක වන බව අමතක නොකළ යුතු ය. සම්බුද්ධත්ව ජයන්තියේ උෙද්‍යාගය මැකීමට ඉදිරිපත්වන බලවේග රටේ එමට ඇත. මේ බලවේග
විවිධාකාරයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය තම කඩාවැටීම වැළැක්‌වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් ය.
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට අධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය ථෙරවාද බුදුසසුනයි.
පසුගිය දශක කිහිපයෙහි ඇමරිකාව ප්‍රමුඛ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ රටවල් මියන්මාරය, තායිලන්තය හෙවත් සියම, ලාඕසය, කම්පුචියාව ආදී රටවල් විනාශ කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ බව රහසක් නොවේ,
මුස්‌ලිම් රටවල ආර්ථික බලය හා හමුදා බලය තිබිණි ද, ඒ රටවලට නොමැති ආධ්‍යාත්මික ශක්‌තියක් ථෙරවාදී රටවලට ඇත.
මෙරට ථෙරවාදී ශක්‌තිය නැතිකිරීමට බටහිරයන් දෙමළ ජාතිවාදය යොදාගත් අන්දමත් එහි දී බටහිරින් ආධාර ලබන රාජ්‍ය නොවන ආයතනවල ආධාරය ලබාගත් අන්දමත් අපි දනිමු.
එහෙත් ඒ සියල්ලටත් වඩා යටින් ගෙනගිය ව්‍යාපාර මෙරට වෙයි. හැමතැනම දැල්වෙන්නේ එකම පහනය යන සංකල්පය, ඊනියා සර්වාගමික වැඩසටහන්, විවිධ ආගමික සංධාන, පල්ලි නිකාය, ඊනියා පැවිදි සංවිධාන ඉවක් බවක් නැතිව මෙරට ජනයා ඇද ගැනීමට සමත් විය.
ඒ අතර මේ ගෞතම බුද්ධ රාජ්‍යය යෑයි කියමින් තරුණ තරුණියන් මේ ආත්මයේදීම නිවන් දැක්‌කවීමට කරන උත්සාහ ද වෙයි. මොවුන් තරුණ තරුණියන් දක්‌කන්නේ කොහාට ද යන්න ප්‍රශ්නයක් වෙයි.
බෞද්ධ විරෝධී සංවිධාන පනහේ දශකයේ සෘජුව ම බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත විය. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය හැටේ දශකයෙන් පමණ පසු ලෝකයේ ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකට ය.
ඊනියා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ ද ඉන්පසුව ය. අද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය වසර හාරසිය හැත්තෑවක පමණ ක්‍රියා කළ ආකාරයට ම අවශ්‍ය තැන්වල දී ඔවුන් සමග එකඟ නොවන සංස්‌කෘතීන්ට විරුද්ධව සෘජුව ම ක්‍රියාකරන අතර අනෙක් තැන්වල දී අඟේ සිට කන කෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය 1492 සිට 1960 පමණ දක්‌වා සෘජු ක්‍රියා මාර්ගය අනුගමනය කළ අතර එතැන් සිට එයට අමතර ව වක්‍ර ක්‍රියා මාර්ගයක් ද අනුගමනය කරයි.
ඊනියා පැවිදි සංවිධානවල නියමුවන් වන පස්‌ගව මහනුන්ට (පස්‌වග මහණුන් නොව) පැවිදි යන සංකල්පය පිළිබඳවත් හැඟීමක් නැතිවා සේය.
පූජ්‍ය හා පූජක අතර වෙනස නොදන්නාක් මෙන් මේ මහණුන් වහන්සේලා කටයුතු කරති. මේ අය කළ යුත්තේ හැකිනම් එංගලන්තයට ගොස් කැන්ටබරියේ හා යෝක්‌හි ආච් බිෂොප්වරුන් හමු වී එහි පැවිදි සංවිධාන බිහිකිරීම ය.
භික්‍ෂු සමාජයේ යොදාගන්නා ගෞරවනීය වචන, වටාපත් ආදිය ඉතාමත් ලෞකික කරුණක් වූ සංගීත සන්දර්ශන සඳහා යොදාගැනීම ආදිය මෙන්ම මහානායක, අනුනායක ආදී තනතුරු නාම බෞද්ධ නොවන පූජකවරුන් සඳහා ද යොදාගැනීමෙන් කෙරෙන්නේ භික්‍ෂුත්වය කෙළෙසීමක් බව ඊනියා බුද්ධිමතුන් නොදන්නවා නො වේ.
ඔවුහු දැනුවත් ව භික්‍ෂුත්වය කෙළෙසීම සඳහා එවැනි වාග් ප්‍රයෝග යොදා ගනිති.
ක්‍රිස්‌තියානි හා කතෝලික ආගමිකයන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ජීවත්වනු දැකීමට අපි දු ප්‍රිය කරමු. කතෝලික යුවළක් පෝරුවට නැඟ සිංහල බෞද්ධ සංස්‌කෘතික සිරිත් අනුගමනය කිරීමේ කිසිම වරදක් නැත. මුස්‌ලිම් ජනයා වුව ද අවුරුදු සිරිත් විරිත් පවත්වන්නේ නම් අපි අගය කරමු. එහෙත් මෞලවිවරුන් මහානායකවරුන් වීම ගැන නම් අපේ කිසිදු ප්‍රසාදයක් නැත.
අගමැතිතුමාට සම්බුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික උත්සවයක් බවට පත්කිරීමට උපදෙස් දුන්නේ කවුදැයි අපි නො දනිමු. ?
ඒ උත්සාහය පිටුපස සිටියේ කවුදැයි දැනගැනීම වැදගත් වනු ඇත. අගමැතිතුමාට තමා නොමඟ යෑවීම පසුව අවබෝධ විය. ඉන්පසු සම්බුද්ධත්ව ජයන්තිය ඊනියා සර්ව ආගමික මංගල්‍යයක් බවට පත්කිරීම වැළකී ගියේය.
ආගම් අතර සුහදත්වයක් තිබීම වරදක් නොවේ. බුදුන් වහන්සේ අනෙක් ආගමිකයන් බෞද්ධයන් බවට පත්කිරීමට උත්සාහ නොගත්හ. උපාලි ගෘහපතියා පිළිබඳ කතාව එයට හොඳ ම නිදර්ශනය වෙයි. බුදුදහම තරම් අන්‍ය ආගම් සමග සන්හිඳියාවක් අගය කරන තවත් ආගමක් නැත. එහෙත් ඇතැම්හු එය බෞද්ධයන්ගේ නිවටකමක් ලෙස සලකති.
මෙරට සිටින තමන්ට ආගමක් නැතැයි කියන එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නිවට දාසයන් වූ කසිකබල් බුද්ධිමතුන්ට මේ කියන දේ නොතේරෙනවා නො වේ. එහෙත් ඉහවහා ගිය හීනමානයෙන් පෙළෙන මොවුහු ඊනියා සමාජ තත්ත්වයක් ලබාගැනීම සඳහා ථෙරවාදී බෞද්ධ ශාසනයට හැකිතරම් පහර දෙති. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙන් බිහි වී ඇති දැනුමේ පිටපොත්ත පමණක් දැනගෙන ඇති මේ හීනමාන බුද්ධිහීනයෝ ඒ නූතනත්වයේ පොරවල් වීම සඳහා ථෙරවාදයට පහර දෙති.
අර තම්බයියා වැනි සමාජ විද්‍යාඥයන් ගැන දැන් එතරම් අසන්නට නැත්තේ ඇයි? ඒ වෙනුවට අද ඇත්තේ සිංහල පුවත්පත්වල සාහිත්‍ය අතිරේක බදුගත් ජාතික මතවාදයකට කිසිදු ඉඩක් නොදෙන තමන් මහා උගතුන් ලෙස සිතන නිවටයන් රැළකි. මේ සියල්ලන් ම අනුකාරකයන් වුවත් තම්බයියලාගේ සිට මේ නිවටයන් දක්‌වා පසුබැසීම ම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පරාජය හා කඩාවැටීම පෙන්නුම් කරයි.
පසුගිය දා කාදිනල්තුමා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කතෝලිකයන්ගෙන් ද මස් කෑමෙන් හා මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ ය.
වතිකානු රාජ්‍යයෙන් ලැබූ පත්වීමක් ඇති කාදිනල්තුමා මෙරට සංස්‌කෘතිය ගැන සැලකිල්ලක් දැක්‌වීම යහපත් කරුණකි. එතුමා ඒ ඉල්ලීම කිරීමෙන් නැවතිණි නම් අපට එය අගය කිරීමට ද තිබිණි. එහෙත් එතුමාගේ ලෝගුව යට තවත් දේ තිබූ බව මොහොතකින් අපට අවබෝධ විය. මෙරට ආගම් කිහිපයක් ම තිබෙන බව පැවසූ එතුමා ඒ සියලු ආගම්වලට උඩින් ධර්මය පවතින බව කියා සිටියේ ය. ඉතා පැහැදිලිව ම එය බෞද්ධයන් නොමඟ යෑවීමට කරන ලද ප්‍රකාශයක් විය.
කාදිනල්තුමා සඳහන් කරන මේ ධර්මය කුමක් ද? බුද්ධ ධර්මයට උඩින් ඇති ධර්මය කුමක් ද? බුදුදහම අනෙක් සියලු ඉගැන්වීම්වලින් වෙනස් වන්නේ අනිත්‍ය දුක්‌ඛ අනාත්ම හේතුකොටගෙන ය. ඒ සියල්ල රාගය ද්වේෂය හා මෝහය සමග බැඳී ඇත. මෙයින් විමුක්‌තවීම නිවන ය. නිවන යනු ස්‌වර්ගය වැනි තවත් තැනක් නො වේ. බෞද්ධයන් උත්සාහ කරන්නේ යළි නූපදීමට ය. අනෙක් සෑම ආගමක ම විමුක්‌තිය ඇත්තේ ඊනියා අමරණීයත්වයෙහි ය. අමරණීයත්වය ද දුකක් යෑයි බෞද්ධයෝ සලකති. බුදුදහමේ ඉගැන්වෙන ධර්මයට ඉහළින් ඇති තවත් ධර්මයක් ගැන බෞද්ධයෝ නො දනිති. කාදිනල්තුමා කියන මේ ඉහළ ධර්මය කුමක් දැයි දැනගැනනීමට මම පුල පුලා බලා සිටිමි.
අද ලංකාවේ ඉහළින් ම ඇත්තේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දැනුම ය.
ඊනියා විද්‍යාවන් නාමයෙන් බටහිරයන් අපට උගන්වන්නේ ඉන්ද්‍රිය පිනවීම, පෞද්ගලිකත්වය ඉස්‌මතු කිරීම, පරිසරය ගසා කෑම, දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති මිනිසාට ස්‌වභාව ධර්මයේ ස්‌වාමිත්වය හිමිකිරීම, අමරණීයත්වය පසුබිම් කරගත් බටහිර වෙදකම ආදී මමත්වය, අහංකාරය උලුප්පන දැනුමකි.
මේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ධර්මය නම් අද ලංකාවේ ද සෙසු ලෝකයෙහි ද ඉහළින් ම ඇත.
එය හුදෙක් දේශපාලන ආර්ථික හා සංස්‌කෘතික බලය නිසා ඇතිකර ගනු ලැබූවකි. මෙය ලෝක ආධිපත්‍යය දැරුව ද කඩාවැටෙන ධර්මයකි. මේ කඩා වැටෙන ධර්මය අධර්මයකි. ඒ අධර්මයට හෝ වෙනත් අධර්මයකට හෝ යටවීමට සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ දී සිංහල බෞද්ධයන් සූදානම් නැත.
ධර්මයට දරාගැනීමේ ශක්‌තිය තිබිය යුතු ය. කඩාවැටෙන කිසිම ශක්‌තිමත් පදනමක් නැති දැනුමක ඇත්තේ අධර්මය මිස ධර්මය නො වේ, කාදිනල්තුමාට ඒ සම්බන්ධයෙන් වෙනත් අදහසක් ඇත්නම් ඒ ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි.
අවුරුදු පන්සියයක් යටත්විජිතවාදීන්ගේ මර්දනයට හසුවීත් වෙනත් ඊනියා ධර්මයකට යට නොවුණු බෞද්ධයන් කාදිනල්තුමා නොව වෙනත් කිසිවකු කීවත් බෞද්ධ ධර්මයට ඉහළින් වෙනත් ධර්මයක් ඇතැයි නොපිළිගනු ඇත. බෞද්ධයන් ඒ වෙනුවට ඉදිරි අවුරුදු කිහිපයෙහි දී සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව දැනුමට විකල්ප දැනුමක් ගොඩනඟනු ඇත.
මේ ලෝකය විනාශ වීමෙන් ගලවාගත හැක්‌කේ දරාගැනීමේ හැකියාවක් ඇති ධර්මයක් මත ගොඩනැගෙන දැනුමකට මිස ලෝකපාළුවන්ගේ දැනුමකට නො වේ.
පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයෙහි බටහිරයන් ක්‍රියාකර ඇත්තේ ලෝක පාළුවන් වශයෙනි. ලෝකපාළුවන් ලෝක පාලකයන් ද වීම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ලක්‍ෂණයකි ලෝකපාළුවන් ලෝක පාලනයෙන් ඉවත්කිරීමට සම්බුද්ධත්ව ජයන්ති වසරේ ඉටාගනිමු.
සද්පුරුෂයෝ
සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..
සුදන ඇසුර සදයි සැපත
ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..
සත්පුරුෂයෙකු වීමට බියද?
අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..
සරු දේ ලබන්නෝ
නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන් වෙනුවෙනි). සරු දෙය සරු ලෙස ම නිසරුව... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..
හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි
වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..
වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…
බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..
කල්‍යාණමිත්‍ර සම්පත්තිය
සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..
අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…
සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..
ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම
අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..