Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

උපේක්ෂාව දියුණුව වඩන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි.

මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තොයමෙක්ගේ සතුටේ දී සතුටු වීම මිත්තා නම් වේ. එමෙන් ම යමෙක් ගේ කරදරයක දී ආරක්ෂාව සැපයීම ද මිත්ත නම් වේ. (තායතී යනු ආරක්ෂාවයි)

දිනක් බුදු හිමි අසල සිටි ආනන්ද හිමියෝ ස්වාමීනි, සසුන් බඹසරෙහි අඩක් ම පවතින්නේ මිත්‍රත්වය පදනම් කොට ගෙන නොවේ ද?” යයි ඇසූහ. එවිට බුදු හාමුදුරුවෝ ආනන්දය අඩක් නොව මුළු සසුන් බඹසර ම පවතින්නේ මිත්‍රත්වය මතය යනුවෙන් වදාළ සේක.

සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා - අඤ්ඤමඤ්ඤං පියචක්‍බූහි සම්පස්සන්තා විහරාමාති

ඛීරොදකීභූතා - කිරි + දිය මෙන් එකට මුසු වී අඤ්ඤමඤ්ඤං පියචක්‍ඛූහි සම්පස්සන්තා - ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇස් වලින් බලමින් සම්මොදමානා අවිවද මානා - සංවාද කරමින්, විවාද නොකරමින් මිත්‍රයන් කටයුතු කරන බව දේශනාවේ සඳහන් ව ඇත. සැළලිහිණියේ මෙසේ මිත්‍රත්වය ගැන කියයි.

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති  - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

මිත්‍රයා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරිය ම බලා සිටින්නා සේ පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණයකි.

එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් පිළිබඳ මෙසේ කියයි. උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විජ්ලවෙ - රාජද්වාරෙ ස්මශානෙ - ය තිෂ්ඨති ස බාන්ධවා

එනම්, යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි, ව්‍යසනයේ දී, යුද්ධයේ දී එකට සිටිය යුතුය. එසේ ම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට නැතහොත් රාජකීය දඬුවමකට යටත් වන විට, සොහොනට යන කල්හි එකට සිටින්නා මිත්‍රයෙකි. මෙසේ සියලු ස්ථානයන්හි දී වෙනස් නොවෙන්නා මිත්‍රයා ලෙස හඳුන්වනු ලැබේ. මේ පිළිබඳව බුද්ධ දේශනාවේ ඇතුළත් තවත් වැදගත් අවස්ථාවක් මෙසේ ය.

තීහි භික්‍ඛවේ අඩ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො” - මහණෙනි, නියම මිත්‍රයෙක් කාරණා තුනකින් යුතු වේ. එනම්, 1. දුද්දදං දදාති - දෙන්න බැරි දේවල් දෙන්නා

2. දුක්කරං කරොති - කළ නොහැකි දේවල් කරන්නා

3. දුක්ඛමං ඛමති - ඉවසන්න බැරි දේවල් ඉවසන්නා

අද සමාජයේ සමහර මිතුරන් කළ හැකි දේ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. මුළු බුදු දහම මිත්‍රත්වය හා බැඳී පවතින බව පෙර ද සඳහන් කළෙමි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පාප මිත්‍ර හා කල්‍යාණ මිත්‍ර වශයෙන් කොටස් දෙකක් සිටින බව පැහැදිලි කළ සේක.

කල්‍යාණ මිත්‍රයා  - කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යමෙක් ගේ ජීවිතයේ ඓහලෞකික හෙවත් මෙලොව සමෘද්ධියත්, පාරලෞකික හෙවත් පරලොව සමෘද්ධියත් සලසන්නකි. එදා උපතිස්ස, කෝලිත යන මිතුරන් දෙදෙනා තම තමන්ගේ නිර්වාණාවබෝධයට මඟ පෙන්වූහ. පසුව සැරියුත් + මුගලන් වශයෙන් අගසව් තනතුර ලැබුවේ එම දෙදෙනා බව අපි හැම දනිමු.

අත්ථ, ධම්ම, නිරුක්ති, පටිසම්භිදා යන සිව් පිළිසිඹියාපත් ලබා ගැනීමේ පදනම ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යි. පුබ්බයොගො, බහුසච්චං, දෙසභාසාව, ආගමො පරිපුච්ඡා, අධිගමො, ගරුසන්තිස්සයො තථා මිත්ත සම්පත්ති චෙවානි පටිසම්භිදා පච්චයාතිමිත්‍ර සම්පත්තිය සිව්පිළිසිඹියාපත් ලැබීමට හේතු වන්නකි. මිත්‍රයා මඟුල් ගෙදර, මළ ගෙදර, කුඹුර ආදි එදිනෙදා කටයුතුවල දී පමණක් නොව සසර දුක් නිම වී නිවන් ලබන භවයේ දී අවශ්‍ය වන්නෙකි.

ඥාති මිත්තා යකාචමෙමිත්ත, සක යනුවෙන් දෙදෙනෙකි. එහිදී මිත්ත යනු යම් ව්‍යසනයක දී එකතු වන මිත්‍රයාය. සක යනු තමන්ගේ කුඩා කල සිට එකට එක්ව පැමිණෙන මිත්‍රයා ය. සමඟ වැඩුණු තැනැත්තා සගයා වේ. එහි ස්වකීය බවක් ඇත. මිත්‍රයෝ රැසක් සිටින අතර ජීවිතයට යහපත ළඟාකර ගැනීමට උපකාර වන, නිවැරැදි මඟ පෙන්වන ආදි වශයෙන් ඔවුන් තුළ විවිධ ලක්ෂණ පිහිටා ඇත.

තවද ගෘහ ජීවිතයේ දී ස්වාමි භාර්යා මිත්‍රත්වය පැවතීම අතිශයින් වැදගත් වේ. බුද්ධ දේශනාව පරිදි, “භරියා ව පරමා සඛාබිරිඳ ස්වාමියාගේ පරම යෙහෙළිය බව ඉන් අදහස් කෙරේ. දෙදෙනා තුළ හටගන්නා මිත්‍රත්වය අවියෝජනීය බැඳීමක් බවට පත් ;ව්. නකුල මාතා, නකුල පිතා අතර තිබුණේ අඹුසැමි සම්බන්ධයට වැඩි මිත්‍රත්වය මත පදනම් වූ බැඳීමකි.

ඇසුරු කිරීම තුළින් මිත්‍රත්වය හඳුනාගත යුතු බව බුදු දහම අවධාරණය කර ඇත. කන්දරක සූත්‍රය මෙයට කදිම නිදසුනකි. එහිදී බුදුරජාණන් වහන්සේ හා පෙස්ස නමැති බමුණා අතර මෙවන් සංවාදයක් සිදු වී ඇත.

ගහණං භෙතං භන්තෙ යදිදං මනුස්සා - උත්තානකං හෙතං භන්තෙ යදිදං පසටො” - ගහනං හෙතං භන්තෙ - මිනිසා සැඟවුණු චරිත ඇත්තෙකි.

යදිදං මනුස්සා - තිරිසන් සතුන් එසේ නොවෙයි යහළුකම පෙන්වයි. මිත්‍ර නොවන තැනදි ගොරවයි. හපන්නට පනියි. එහෙත් මිනිසා තුළ ඇත්තේ යටපත් වූ හැඟීම් ය. මිනිසාට මතුපිටින් මිතුරු කම හා යටින් සතුරු කම තබා ගැනීමට හැකියාවක් ඇත. මේ නිසා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරගත පුරුද්දක් ලෙස පැවතෙන්නක් බව ප්‍රකාශ වේ.

මිත්‍ර ආචාර්යවරයා - පියො ච ගරු භාවනියො - වත්තා ච වචනක්ඛමො - ගාම්භිරඤ්ච කථං කත්තා - නො චට්ඨානෙහි නියොජයෙ

කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයා පි‍්‍රය විය යුතුය. ගෞරව ලබන්නෙක් විය යුතුය. වචනය නොඉක්මවන්නෙක් විය යුතුය. ගැඹුරු කතා ඇත්තෙක් විය යුතුය. තම ශිෂ්‍යයා අස්ථානයේ නොයෙදන්නෙක් විය යුතුය. මෙම කාරණාව මෙයට පෙර පරිච්ඡේදයක දී ද ඉතා පැහැදිළිව විස්තර කර ඇත.

බුදු දහමේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වයස් භේදයට වඩා එහායින් පිහිටි අභ්‍යන්තර බැඳීමක් ලෙස පැහැදිළිව දක්වා ඇත.

බෞද්ධ, සිංහල, සංස්කෘත සාහිත්‍යයන් තුළ මිත්‍රත්වය පිළිබඳ විවිධ කතා දක්නට ඇත. බුදුහාමුදුරුවෝ දේශනා කර ඇති පරිදි මිත්‍රත්වය කෘතඥතාව හා බැඳී ඇත.

අකතඤ්ක්‍දුස්ස පොසස්ස - නිච්චං විවරදස්සිනො - සබ්බඤ්චෙ පඨවිං දජ්ජා - නෙව නං අභිරාධයෙ

ජාතක පාළියේ සීලව නා රජ ජාතකයේ ඇතුළත් මේ ගාථාවෙන් අදහස් කරනුයේ අකෘතඥයෙක්ට මහ පොළොව දුන්නත් ප්‍රයෝජනයක් නොමැති බවයි. ඒ කුමන අයුරකින් හෝ අකෘතඥයා සතුටු කළ නොහැකි හෙයිනි. ඒ නිසා මිත්‍රයෙක් නම් කළගුණ සලකන්නෙක් විය යුතුමය.

මිත්‍රද්‍රෝහීවීමේ ලක්ෂණ

මිත්‍රද්‍රෝහී වීම නිසා ඇතිවන ප්‍රතිඵල ධර්මයේ ඉතා හොඳින් දක්වා ඇත. මුගපක්‍ඛ ජාතකයමෙයට එක් නිදසුනකි. මෙත්තානිසංස සූත්‍රයේ අඩංගු කරුණු මූගපක්ඛ ජාතකයේ ද දක්වා ඇත. මෙත්තානිසංස යනු මිත්‍රයෙක්ට මිත්‍රත්වය තුළින් ඇතිවන ආනිසංසයන් ය.

පහූත භක්ඛො භවතී - විජ්පචුෙත්‍ථා සකාඝරා - බහූනං උපජීවන්ති - යො මිත්තානං න දූභති

යමෙක් මිත්‍රද්‍රෝහී නොවුවහොත් ඔහුට හොඳින් ආහාර ලැබේ. බොහෝ දෙනෙක් ඔහු යටතේ ජීවත් වෙති.

දරිතො පබ්බතා තො වා - රුක්‍ඛාතො පතිතො නරො - චුතො පතිට්ඨං ලභති යො මිත්තානං න දූභති

යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් ඔහු කන්දකින්, පර්වතයකින් වැටුණ ද ඔහුට පිහිටක් ලැබේ.

භාවොතස්ස පජායන්ති ඛෙත්තෙ චුත්තං විරූහති - පුත්තානං ඵලමස්නාති යො මිත්තානං න දූභති

යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් ඔහු විසින් ඇති කරනු ලබන එළදෙනුන්ට පැටවු ලැබේ. කුඹුරු හොඳින් වැඩේ, දරුඵල ලැබේ ආදි වශයෙන් මිත්‍රද්‍රෝහී නොවන්නා සමෘද්ධිමත් වන බව පැවසේ.

මිත්‍රත්වයට අදාළ ගුණධර්ම පුද්ගලයා තුළ ආරක්ෂා විය යුතු අතර ගුණධර්ම නොරකින්නාගේ මිත්‍රත්වය අහෝසි වේ. ජාතක පොතට සම්බන්ධ එක් ජාතක කථාවක මෙසේ දැක්වේ.

මිත්‍රයාගෙන් අනවශ්‍ය දේ ඉල්ලීම තුළ මිතුරා නැති වේ. යමෙක් තව කෙනකුගෙන් යමක් ඉල්ලනුයේ යෙ-ශ්‍රී-දී-නී-ති-කීර්තියා ආදී වශයෙන් කරුණු පහක් ඉවත ලමිනි.

හී‍්‍ර - ලැජ්ජාව

ශ්‍රී - ශ්‍රියාකාන්තාව

ධී - ධෛර්යය

ධිති බුද්ධිය

කීර්තය - කීර්තිය

ඉහත කරුණුවලට අමතරව මිත්‍රයා ද නැතිවනු ඇත.

මිත්‍රත්වය පිළිබඳ තවත් කථාවක මෙසේ දැක්වේ. සහෝදර තාපසවරුන් දෙදෙනෙක් ආසන්න ස්ථාන දෙකක බවුන් වඩමින් සිටියහ. විටින් විට මේ දෙදෙනා මුණගැසුණාහ. එක් දිනක් දෙදෙනා මුණගැසුණු අවස්ථාවේ වැඩිමහල් තාපස තුමා සිය සහෝදරයා කෘශ වී සුදුමැලි වී සිටිනු දැක එයට කාරණා විමසුවේය. එවිට බාල සහෝදරයාගේ පිළිතුර වූයේ අසල කැළෑවක සිට නාගයෙක් පැමිණ තමාට සෙනෙහසින් තමා වැලඳගෙන සිට නැවත ඉවත්ව යන බවත්, තමාට හානියක් නොකළත් නයෙක් නිසා ඇතිවන බය හේතුවෙන් සිරුර කෘශ වන බවත් සුදුමැලි වන බවත් ය. වැඩිමහල් තාපසතුමා නයාගේ පැමිණීම වැළැක්වීම සඳහා උපායක් කීවේ ය.

එනම් මුල් දවසේ නයා වෙළා ගත් පසු නයාගේ කණ්ඨමාණික්‍යය ඉල්ලන ලෙසත්, දෙවන දිනයේ කැලයෙන් මතු වී ටික දුරක් පැමිණි පසු යළිත් මාණික්‍යය ඉල්ලන ලෙසත්, තෙවන දිනයේ දී කැලෙන් මතුවනවාත් සමඟ ම මාණික්‍යය ඉල්ලන ලෙසත් අවවාද දුන්හ.

බාල සොහොයුරු තෙම ලැබුණු උපදෙස ක්‍රියාත්මකක කළ අතර මුල් දිනයේ දී නයා වෙළුම හැර ගිය බවත්, දෙවන දිනයේ දී වෙලා නොගෙන ම ගිය බවත්, තෙවන ඉල්ලීමෙන් පසු කිසි දිනෙක නයා නොපැමිණි බවත් ප්‍රකාශ වේ. මිත්‍රත්වය නැතිකර ගැනීමට අවශ්‍ය වූ කල්හි දීමට අපහසු යමක් ඉල්ලීමෙන් එම අරමුණ ඉටුවන බව මෙම කථාවෙන් පැහැදිලි වේ.

සමහර පුද්ගලයෝ මිත්‍රත්වය දැකීමට අකමැති වන හෙයින් මිත්‍රත්වය අහෝසි කර ගැනීමට ක්‍රියා කරති.

වර්ධමානො මහාස්නෙහඞ - සිංහ ගො වෘෂයොඞ වනෙ - පිශුනෙනාති ලුබ්ධෙන ජම්බුකෙන විනාසිනා

ජම්බු යනු නරියාට කියන තවත් නමකි. එක් කැළැවක ගවයෙක් හා සිංහයෙක් මිත්‍ර ව විසූහ. මෙම මිත්‍රත්වය නොඉවසූ නරියා කේලාම්බස් කියා එම මිත්‍රත්වය බිඳ දැමීය. මෙසේ මිත්‍රත්වය බිඳ දමන නරි වැනි මිනිසුන් ද සිටිති. ඔවුන් හඳුනා ගැනීම වැදගත් කාරණාවකි. අප ලද වටිනාම ත්‍යාගය බුදු දහම අපට ලැබුණේ ද ඉන්දියාවේ ධර්මාශෝක හා ලංකාවේ දේවානම්පියතිස්ස යන රජවරුන් දෙදෙනාගේ මිත්‍රත්වය හේතුවෙනි.

යමෙක්ට යම් දෙයක් විඳීමට අවස්ථාව උදා වූ කළ ඔහුට එය තනිව විඳිය නොහැක. උදාහරණයක් මෙසේ දක්වමු. චිත්‍රපටයක් බැලීමට යමෙක්ට තනිව යා නොහැකිය. සිතුවම් පටය රස විඳීමට අවම වශයෙන් එක් හිතවතෙක් හෝ හිතවතියක් එම ගමනට එක් කර ගත යුතුය. එයයි මිනිස් ස්වභාවය. ඒ අනුව දුකේදී පමණක් නොව සැපතේ දී අපට මිතුරෙක්ගේ අවශ්‍යතාවය ඇතිවේ. කුක්කුට ජාතකය මෙසේ කියයි.

මිත්තරූපෙන බහවා ඡත්තා

මිත්‍ර භාවයෙන් සිටින සතුරන් ද වෙති. කුක්කුට ජාතකයේ කුකුල් යෝනියේ ඉපදී සිටියේ අප මහ බෝසතාණන් වහන්සේ ය. කුකුල් රැලේ කුකුලන් උකුස්සෙක් විසින් ඩැහැගෙන කෑවේය. එහෙත් බෝසත් කුක්කුට රාජයා තමාගේ යාම් ඊම් ඉතා ආරක්ෂා සහිතව කළ අතර උණ පඳුරක් තුළ වාසය කළ හෙයින් උකුස්සන්ට බෝසත් කුක්කුට රාජයා ඩැහැ ගැනීම අපහසු කාර්යයක් විය. එවිට උකුස්සා මෙසේ පැවසූයේ ය.

යහළුවේ ඔබ කෙතරම් ලක්ෂණ ද? අප දෙදෙනා ම එක්ව අහර සොයමු.

එවිට බෝසත් කුක්කුට රාජයා උකුස්සාට මෙසේ පවසා ඇත.

මිත්‍ර වෙසින් එන සතුරෝ ද සිටිති. නුඹ සමඟ මගේ මිත්‍රත්වයක් නැතැයිප්‍රකාශ කළේය. ඒ හෙයින් පාප මිතුරා හඳුනා ගැනීමට අප බොහෝ පරිස්සම් විය යුතුය. පාප මිතුරෙක් සිටිනවාට වඩා හොඳ සතුරෙක් සිටීම හොඳ ය. හොඳ හතුරාගේ හානිය සීමිත වනමුත් පාප මිතුරාගේ හානිය අසීමිත වේ.

පාප මිතුරා හා කළ්‍යාණ මිතුරා බුදුදහම හඳුන්වන ආකාරය බලමු.

බුදු දහමට අනුව පාප මිතුරන් සිව් දෙනෙකි.

1. අඤ්ඤදත්ථුහර යමක් ගැනීමට පමණක් සිටින්නා

2. වචීපරම වචනයෙන් පමණක් සිටින්නා

3. අනුප්පියභාණී - හොද නරක තෝරා නොදෙන හොඳ නරක දෙකම අනුමත කරන්නා.

4. අපාය සහාය අපායට ඇදගෙන යන්නා නොහොත් පාපයට පොලඹවන්නා.

බුදු දහමට අනුව හොඳ මිතුරන් සිව් දෙනෙකි.

1. උපකාරක උපකාර කරන්නා

2. සමාන සුඛදුක්ඛ දුක, සැප දෙකේ දී ම සමානව සිටින්නා

3. අත්ථක්‍ඛායි යහපත වෙනුවෙන් මාර්ගය පෙන්වන්නා

4. අනුකම්පක අනුකම්පාවෙන් කටයුතු කරන්නා

අපේ ජීවිතයේ යහපත සාදා ගැනීමට ඇති හොඳ ම මඟ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. කළණ මිතුරන් ලෙස සිටින පාප මිත්‍රයන්ගෙන් බේරීමට ඇති අවස්ථා බොහෝ අවමය.

පාප මිතුරන්

පතිරූපකො මත්තිකා කුණ්ඩලොවඅලංකාර ලෙස මැටියෙන් කළ කුණ්ඩලාභරණ මෙනි.

ලොහඩ්ඪ මාසොව සුවණ්ණ ඡණ්නො

රත්තරන් ගෑ ලෝහ කාසි මෙන් පිටින් ඔපවත් ය. ඇතුළතින් අපිරිසුදු ය.

ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා - කොටියා හොඳයි එකපාරට පනින කඩා

ගී කියමින් ලේ උරා බොමින් මදුරුවන් මෙන් අපේ ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ සිටිති.

නො වෙ ලහෙථ නිපකං සහායං - සද්ධිං චරං සාධුවිහාරි ධීරං

යමෙක්ට හොඳ මිත්‍රයෙක් නොලැබේ නම් - එකො චරෙ ඛග්ගවිසානකප්පො

කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසත්, අසත්පුරුෂ මිතුරන් නැති කල්හි ජීවිතය යහපත් බවත් බුද්ධ දේශනාවයි.

චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනො - එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා

තමන්ට සුදුසු තමන්ගේ මට්ටමට ගැළපෙන මිතුරෙක් නොමැති කල්හි තනිව ජීවත්වීම සුදුසු ය.

බාලයෙක් (නුවණ මඳ පුද්ගලයෙක්) ඇසුරු නොකරන්න.

බාලයා හඳුනා ගැනීම අසත්පුරුෂයා හඳුනා ගැනීමයි සත්පුරුෂයා හඳුනා ගැනීම කල්‍යාණ මිතුරා හඳුනා ගැනීමයි.

දුච්චින්තිතවින්ති ච හෙති, දුබ්භාසිතතාසි, දුක්කතකම්මකාරී

දුච්චින්තිතචින්ති පාප මිත්‍රයා වැරදි ලෙස සිතයි, දුබ්භාසිතතාසි - නොකල යුතු කතා කරයි, දුක්කතකම්මකාරී - නොකල යුතු දේ කරයි.

කලණ මිතුරා කළ යුතු දේ කරයි. හොඳ ආකාරයෙන් සිතයි. යහපත් දේ කතාකරයි. එමෙන් හොද මිතුරාට නොකළ හැකි දෙයක් නොමැත. නොදිය හැකි දෙයක් නොමැත. නොඉවසිය හැකි දෙයක් නොමැත.

වස්සකාර බමුණාගේ කථාවේ දී -

එදා භාරතයේ ලිච්චවී රාජ්‍යය ඉතා හොඳින් පැවතුණකි. මේ රාජ්‍යය බිඳ දමා විනාශ කර දැමීමට වස්සකාර බමුණාට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු රාජ්‍ය තුළ මිත්‍ර සම්පත්තිය බිඳ දැමීය. ඔහු ද රාජ සභාවේ ඇමැතිවරයෙක් වූ අතර රාජසභාව රැස්වී සිටි අවස්ථාවක පැමිණ තවත් ඇමැතිවරයෙක්ට පසෙකට කථා කොට හරසුන් යමක් කීවේය. ඒ දුටු ඇමැතිවරු දෙවැන්නාගෙන් වස්සකාර කී දේ විමසූ කළ කිසිවක් නැතැයි දෙවන බමුණා කීවේය. සෙසු අය එම කීම පිළිනොගැනීම නිසා රාජ සභාවේ කැළඹීමක් ඇතිවුණ බව කියැවේ. එසේ උපක්‍රමශීලීව කටයුතු කොට මිත්‍රත්වය බිඳ දැමීමට ඉඩ ඇත. මිතුරන් බිඳ දැමීමේ ලොකු ම ව්‍යාපාරය කේලාම් කීමයි.

ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසම්භෙදාය

යමක් එක් තැනක අසා වෙනත් තැනක කීමෙන්, බිඳවීම ඇතිවේ. සැකය තුළින් ද මිත්‍රත්වය වැනසෙන බැවින් එසේ නොකළ යුතු ය. සැක කිරීම හොඳ කාර්යයක් නොවේ.

සිංහබාහු නාට්‍යයෙහි - මම දැනගතිමි මම සැක කළෙමි” - සැක කළ යුත්තේ දැනගෙනය. සැකය පදනම් කොට හොඳ මිතුරන් අහිමි වීමේ අවස්ථා උදාවිය හැකිය. මිත්‍රත්වය නැතිවීමෙන් බොහෝ දේ තමන්ට ද අහිමි විය හැකිය. බුදුදහමට අනුව කාම මිත්‍යාචාරයේ නොයෙදෙන පුද්ගලයන්ට සසරෙදි හොඳ භාර්යාවෝ, හොඳ දරුවෝ, හොඳ මිතුරෝ ලැබීමට අවස්ථාව උදාවේ.

ඒ අනුව හොඳ මිතුරන් ආරක්ෂා කර ගැනීමටත්, හොඳ මිතුරන්ගේ ආශ්‍රය තුළින්, ආවරණය තුළින් ඉදිරියට යාමටත් අධිෂ්ඨාන කර ගනිමු.

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි - 2012 පොසොන් පෝය නිමිත්තෙනි - (03-06-2012)


සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..