Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

මෛත්‍රිය පාරමිතාවක් බව මතක තබාගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව මූලික දැනුමට දහම් කරුණු කෙටියෙන්

දහම් කරුණු කෙටියෙන්

සාර්ථක, දැහැමි ජීවිතයකට අත්‍යාවශ්‍ය කරුණු. 

බෞද්ධ පොත්පත්, ධර්ම දේශනා ඇසුරින් මෙම කරුණු ගොනු කරන ලදී. සමහර කරුණු කිහිප තැනකම දකින්නට හැක. එසේ වන්නේ එම කරුණ නොයෙක් ආකාරයට වැදගත් වන බැවිණි. එබවින් එම කරුණු ගැන වඩාත් සලකිලිමත් විය යුතුය. 

 1. දියුණුවේ දොරටු

 බුදුරජානන් වහන්සේ මේ කරුණු බ්‍රාහ්මණ පියෙකුගේ ආරාධනයෙන් ඔහුගේ පුත්‍රයාගේ දියුණුව පිණිස දේශනා කළසේක. 

  1. නිරෝගී බව කැමති වීම
  2. වැඩිහිටියන්ට සලකීම
  3. ලෝක චාරිත්‍ර දැන සිල්වත් වීම
  4. බොහෝ දේ උගත් කම
  5. ධර්මානුකූල ජීවිතය
  6. අලස නොවීම 

2. නාථ කරණ ධර්ම 

තමාගේ පිහිට පිණිස තමගේ දියුණුව, යහපත පිණිස තමා විසින්ම ඇතිකරගත යුතු ධර්ම 10කි. මේ ධර්ම මගින් පුද්ගලයා උසස් තත්වයට පත්වේ. 

  1. සිල්වත්බව
  2. බහුශ්‍රැත බව
  3. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය
  4. දක්ෂයෙකු වීම
  5. සුවචවීම (කීකරු)
  6. ධර්මයට කැමති වීම
  7. වීර්ය ඇති බව
  8. ලද දෙයින් සතුටුවීම
  9. සිහිය ඇති බව
  10. නුවණැත්තෙකු වීම 

3. චතුරාංගයෙන් සමන්විත වීම

ගිහියෙකු ඉතා උසස් බවට පත් කරණ චතුරාංගය (අංග සතර). මේ අංග ඇතිකර ගනීම පහසු නැත. 

  1. වෛර/ද්වේශ නොකිරීම
  2. මත්පැන් පානය නොකිරිම
  3. කිසිදු වස්තුවක් කෙරෙහි නොඇලීම
  4. දිනපතා මෛත්‍රී භාවනා කිරීම 

4.සාර්ථක විවාහයක් සඳහා දෙදෙනා තුල ඇතිවිය යුතු ධර්ම

    1. සමාන ශ්‍රද්ධාව
    2. සමාන සිලවත්බව
    3. සමාන ත්‍යාගශීලී බව
    4. සමාන ප්‍රඥාව 

5.සංසාර ගත සත්වයා එකොළොස් ගින්නකින් පෙළෙයි

  1. රාග
  2. ද්වේශ
  3. මෝහ
  4. ජාති
  5. ජරා
  6. මරණ
  7. ශෝක
  8. පරිදේව
  9. දුක්ඛ
  10. දෝමනස්ස
  11. බලවත් සිත් තැවිල්ල 

6.වැඩිහිටි වීමේ අංග 

වයසින් වැඩිහිටි බව ලෝකයේ පොදු පිළිගැනීමයි. වැඩිහිටි වන්නේ වයසින් පමණක් නොව, කෙනෙකුට අනෙකාට වඩා

  1. ශීලයෙන්
  2. ගුණයෙන්
  3. නුවණින් සහ
  4. තපසින්ද වැඩිහිටි විය හැක.

7.අටලෝ දහම 

ලොව කාටත් සාධාරන ධර්මතාවයන්ය 

  • ලාභ - අලාභ
  • යස - අයස
  • නින්දා - ප්‍රශංසා
  • සැප - දුක 

8.දේව ධර්ම දෙකකි

මෙවා ලෝක පාලක ධර්ම ලෙසද හඳුන්වයි. 

  • ලජ්ජා (හිරි)
  • භය (ඔත්තප්ප ) 

9.නිතර මෙනෙහි කර සංවේග කළ යුතු වස්තු අට (කරුණු අට) 

පහත කරුණු තමාගේ ජීවිතයට නිතර බලපාන බව සළකා සංවේග කළ යුතුයි.(සංවේග කිරීම දුක් වීම නොවේ.) මෙමගින් අකුසල් වලින් ඉවත්වී කුසල ධර්මයන්ගේ යෙදීමට ධෛර්යය ඇතිවේ. මේවා නිතර මෙනෙහි කිරීමට වටී.

  1. ජාති- නැවත නැවත ඉපදීම නම්වූ දුක
  2. ජරා- දිරීම නොහොත් වයසට යාම නම්වූ දුක
  3. ව්‍යාධි- ලෙඩ වීම
  4. මරණ
  5. අපා දුක- තමා කර ඇති පාප මර්ම නිසා අපා දුක් විඳීමට ඇතිබව
  6. ඉක්මගිය සංසාර වට්ට දුක- අනන්ත කාලයක් සසර දුක් වින්ද  බව
  7. නොපැමිණි සංසාර වට්ට දුක- අනාගතයේදී විඳීමට ඇති සසර දුක
  8. වර්තමාන ආහාර ගවේශක දුක- රැකියා ආදිය කරමින් මේ ජීවිතයේදී ආහාර සපයා ගැනීමට ඇති අප්‍රමාණ දුක 

10.නිතර මෙනෙහි කළ යුතු කරුණු පහ 

ස්ත්‍රී, පුරුෂ, ගිහි, පවිදි සියලු දෙනාම නිතර මෙනෙහි කළ යුතු කරුණු පහකි. තමාට මේවා කිසිවක් ඉක්මවිය නොහැකි බව සිහිකළ යුතුය. එමගින් අකුසලයෙන් මිදී කුසලයට නැඹුරු වීමට සිත යොමුකළ හැක. අප්‍රමාදයද ඇතිවේ. 

  1. මම මහලු වෙමි. දිරණ ස්වභාවය ඉක්මවා නොසිටිමි.
  2. මම රෝගී වෙමි. රෝගීවන ස්වභාවය ඉක්මවා නොසිටිමි.
  3. මම මරෙන්නේය. මැරෙන ස්වභාවය ඉක්මවා නොසිටිමි.
  4. මම ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉක්මවා නොසිටිමි.
  5. මම කර්මය නොඉක්මවා සිටිමි. කර්මය උරුම කොට, නෑදෑකොට සිටිමි, කර්මයෙන් ගැලවීමක් මට නැත. 

11.ත්‍රිවිධ සාසනය

    1. පර්යාප්ති
    2. ප්‍රතිපත්ති
    3. ප්‍රතිවේධ 

12.පිංකම් හා පාරමිතා කිළිටි කරණ ධර්ම තුනකි.

  1. තණ්හා -  කරණ පිනෙන් යමක් බලාපොරොත්තු වී හෝ ප්‍රතිඋපකාර පතා කිරීම
  2. මාන -  තම කැපී පෙනීමට, උසස්වීම පතා දීම හෝ පින් කිරීම.
  3. දිට්ඨි -  දීම, ශීලය ආදී පුණ්‍ය කර්මය විසුද්ධිය යයි වරදවා වටහා ගැනීම. 

13.උපාසක යන වචනයේ තේරුම 

බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කරා එළැඹෙන, රත්නත්‍රය ඇසුරු කරණ නොහොත් "උපාසනය" කරන තැනැත්තා යනුයි. 

14.උපාසකයෙකු වන සැටි 

බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය පමණින්ම කෙනෙකු උපාසකයෙකු වන්නේය. මේ අනුව තිසරණ සරණ ගිය බෞද්ධ සියලු දෙනාම උපාසක උපාසිකාවන් වන්නෝය. 

15.උපාසක රත්නයක් වීමේ ධර්ම 5කි

  1. ශ්‍රද්ධාව ඇති බව
  2. සිල්වත් බව
  3. දකින, අසන දේ වලින් ශුභ අශුභ බව නොසැලකීම.(කෝතුහල මංගලික නොවීම)
  4. කර්මය සැලකීම, මංගලය නොසැලකීම
  5. බුදු සසුනෙන් පිටත, පිනට දීමට සුදුස්සන් නොසෙවීම, පළමුකොට ශාසනයටම දීම.

 

මේ ධර්ම 5 නැති පුද්ගලයා උපාසක චණ්ඩාලයෙකි.

 

16.නිවන් දැකීමට උදවු වන (උප නිශ්‍රය) වන කරුණු

  1. සත්පුරුෂ සේවනය (කල්‍යාණ මිත්‍ර සේවනය)
  2. සද්ධර්ම ශ්‍රවණය
  3. යෝනිසෝමනසිකාරය
  4. ධම්මානුධම්ම  ප්‍රතිපදාව 

17.නිරවුල් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෞද්ධයෙකු විසින් දතයුතු මූලික ධර්ම කරුණු 

අභිධර්මයේ සඳහන් මෙම මූලික කරුණු දැනගැනීම දෘෂිඨි විශුද්ධියේ සඳහන් භාවනාව සාර්ථක කර ගැනීමට උපකාරී වේ. 

  • නාම රූප 2
  • ස්කන්ධ පඤ්චකය 5
  • ආයතන දොළස 12
  • ධාතු අටලොස 18
  • ඉන්ද්‍රිය දෙවිස්ස 22 

18.වඩා හොඳ අවබෝධයක් පිණිස දතයුතු අනෙක් කරුණු 

  • චතුරාර්ය සත්‍ය 4
  • පටිච්ච සමුප්පාදය12
  • සතිපට්ඨානය 4
  • බෝධ්පාක්ෂික ධර්ම 37 

19.නාම රූප ඇතුලත් පරමාර්ථ ධර්ම 

  • එකුන් අනු චිත්තය 89 (සිත් අසූ නවය)
  • චෛතසික දෙපනස 52 (චෛතසික පනස් දෙක)
  • නිවන 1
  • අටවිසි රූපය 28 (රූප විසි අට)