Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

මෛත්‍රිය පාරමිතාවක් බව මතක තබාගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි.

යමක වග්ගෝ -

සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති -

සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි).

සරු දෙය සරු ලෙස                 ම

නිසරුව නිසරු විලස                ම

දැන                                          හික්මුම

දනෝ හිමි කැරැ ගනිති සරු      දම

සඳැස් ගය- තිලක නවරත්න

නිදාන කතාව - උපතිස්ස ද කෝලිත ද යන දෙ දරුවන් රජගහ නුවරට නුදුරු දෙටු බමුණු ගම්හි ඉපැදුණා. සැපවත් ව වැඩුණා. කිත් සිරුරින් තර වුණා. සිප් සතරින් අග පැමිණියා. රජගහ නුවර වසක් වසක් පාසා පැවැත්වෙන ලොකු කෙළි නළුවක් යෙදුණා. ඒ බැලීම සඳහා උපතිස්සත් කෝලිතත් ගියේ විනෝදය පිණිස යි. ගියේ සිය පිරිවර ද සමඟ යි. කෙළි නළු දැක්මෙන් දෙ යහළුවන් පිනා ගියේ නෑ. විගඩම්හි  නිස්සාර බව දුටුවා. කලකිරුණා.

එ කල සංජය නම් පිරිවැජියකු සිටියා. සංජය පිරිවැජියා ගෙන් නිවට දහම උගැන්මට වූ පිරිස ද මහත්. පිරිවැජියන් අතර නමගත් සංජය හමුවට උපතිස්ස ද කෝලිත ද ගියා. නිවට වත් සමාදම් වුණා. සංජය දත් දහම නො අඩුව උගත්තා. ඒ දහමින් මොක් මඟක් දකිනු බැරි බව ඔවුනට වැටහුණා. මොක් මඟසොයනු ව මඟට බැස්සා. දුටුවා ඉතා සංවර ඉඳුරන් ඇති පැවිද්දකු මඟ වඩිනවා. ඒ තමයි අස්සජි හාමුදුරුවෝ. උන් වහන්සේ කෙරේපැහැදී දහම් පදයකට කන් දුන්නා. කන වැකි සැණින් සෝවාන් මඟ පල ද අත් කළා. ඒ තමයි සැරියුත් හාමුදුරුවන් වහන්සේ. සැරියුත් හිමියන් සිය මිතුරන් වූ කෝලිත සොයා ගියා.කෝලිතයනට තමන් උගත් දහම දෙසුවා. කෝලිතයන් ද මඟ පල (සෝවාන්) ලැබුවා. ඒ කෝලිත තමා මුගලන් හාමුදුරුවන් වහන්සේ.

ඉතින් මේ දෙ නම මැ සංජය පිරිවැජියන් හමුවට ගියා. තමන් ලත් දහම් ලාබය සැළ කර බුදුරදුන් හමුවට යෑමෙහි යෝජනාව කළා. සංජය තිගැස්සුණා. ‘බුදුන් කරා යන්නෝ පණ්ඩිතයෝ මා කරා එන්නෝ මෝඩයෝ’ යි කීවා. බුදුරදුන් හමු ව පැවිදි ව සැරියුත් මුගලන් නමින් අගසවු තනතුරු ද ලදුයේ මේ උපතිස්ස-කෝලිත දෙපල යි. සංජය සොවින් තැවුණා. පිරිහුණා. ඔවුන් නිමිත්තෙනි බුදුරදුන් වදහළේ ‘නිසරුව සරු යි සරුව නිසරුයි යන වැරදි අදහස් ඇතියන් සරු දැය නො ලබන වග’.

Lankadeepa 2011 ඔක්තෝබර් මස 18 අරුණ ශාන්ත කුමාර