කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රවිෂ්ඨවීමයි
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි
තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම පටිපදාවයි. මෙයින් අද අපි සාකච්ඡා කරන්නේ කල්‍යාණ මිත්‍රයා සම්බන්ධවයි.
ගෞරවණීය ස්වාමින් වහන්ස, සෝතාපත්ති අංගයන්ගේ පළමු අංගය වන ‘කල්‍යාණ මිත්‍ර සේවනය’ යනු කුමක්දැයි පහදා දෙන්න.
නිවන්මග තුළ ගමන් කරන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් පළමුව ඇතිකරගත යුතු සුදුසුකම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම නිර්වාණගාමි ප්‍රතිපදාවේ පළමු පියවර වන සෝතාපත්ති අංගයන්ගේ පළමු පියවර වන සෝතාපත්ති ඵලයට පත්වන්නට නම් ඒ පුද්ගලයා තුළ තිබෙන්න ඕන ලක්ෂණ හතරක් තිබෙනවා. ඒවා කියන්නේ සෝතාපත්ති අංග කියලා.
මේ සෝවාන් වන පුද්ගලයෙක් තුළ තිබෙන ලක්ෂණ වලින් පළමු එක තමයි කල්‍යාණ මිත්‍ර සේවනය. ‘කල්‍යාණ මිත්‍රයා’ කියන්නේ ඕනෑම දුකකදී සැපකදී ළඟ ඉන්න, ඕන දෙයකට උදව් කරන, නරක වැඩකට හෝ අතහිත දෙන පුද්ගලයා නොවේ.
ඒ වගේම සමහර අය කියනවා මගේ යාලුවා අන්‍යාගමිකයෙක් වුණත් හොඳ කල්‍යාණ මිත්‍රයෙක් කියලා. ඒකත් වැරැදියි. අන්‍යාගමිකයන්ට බුදුදහමේ පෙන්වාදෙන කල්‍යාණ මිත්‍රයා වෙන්න බැහැ. බෞද්ධ කියන නමට සුදුසු ලෙස හැසිරෙන අයට පමණයි කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්.
කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවාද?
මෙතැනදී තථාගතයන් වහන්සේ කරුණු හතරක් අවධාරණය කොට වදාළා. පළමුඑක තමයි ඔහු ‘ශ්‍රද්ධාවන්තයි’. තමන් ශ්‍රද්ධාවන්ත වෙමින් අන් අයද ශ්‍රද්ධාවට නැඹුරු කරනවා. ශ්‍රද්ධාව කියන්නේ් තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීමයි. විශ්වාසයයි. සමහර අය ඉන්නවා තමා ශ්‍රද්ධාවෙහි ඉන්නවා. නමුත් අනෙක් අය එයට යොමු කිරීමක් කරන්නේ නැහැ. දෙවැන්න තමා කල්‍යාණ මිත්‍රයා ‘සීල ගුණයෙන්’ යුක්තයි. කය වචනය හික්මවා වැඩ කරනවා වගේම අනෙක් අයත් සීලයෙහි හික්ම වෙනවා.
සමහර අය ඉන්නවා තමා විතරයි දන් දෙන්නේ. අනෙක් අයව සහභාගි කර ගන්නේ නැහැ පින තනිවම කර ගන්නවා. නමුත් වැඩි පිරිසක් එකතු කරගෙන පින කරන තරමට තමයි පරිවාර සම්පත්තිය උදා වෙන්නේ. පින් කියන දේ බෙදා හරිනවිට වැඩි වෙනවා. කල්‍යාණ මිත්‍රයා තමන් දෙනවා වගේම අනිත් අයටත් දීම පුරුදු කරනවා.
ඊළඟට කල්‍යාණ මිත්‍රයා ‘සම්මා දිට්ඨියෙන්’ යුක්තයි. අනෙක් අයවත් සම්මා දිට්ඨියට නැඹුරු කරනවා. සම්මා දිට්ඨියේ අංශ දෙකයි. එකත් දසවස්තුක සම්මා දිට්ඨිය. එයට කියනවා කම්මස්සකථා සම්මාදිට්ඨිය කර්මය ස්වකීය කරගත් දෘෂ්ඨියෙන් ජීවත්වෙනවා කියන එකයි. අනෙක් සම්මාදිට්ඨිය චතුසච්ච සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර් සත්‍ය ධර්ය පිළිබඳව ඇති දැක්ම. මේ ලෝකය දුක් සහිතයි. මේ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකළොත් දුක නැති වෙනවා. ඒ තණ්හාව නැති කරන්නනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුවත් වෙන එක තමයි. චතුසච්ච සම්මා දිට්ඨිය කියන්නේ.
කල්‍යාණ මිත්‍රයා සිටින්නේ බෞද්ධයන් අතර පමණක්ද?
මේ ලෝකයේ එදා මෙදා තුළ පහල වූ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ පහළ වුණේ නැත්නම් ලෝකයට ශ්‍රද්ධාවක් පහළ වන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර සේවනය කියන්නේ් මේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුණුරුවන් ඇසුරු කිරීමයි.
තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීම, විශ්වාසය අවබෝධය තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේ ධර්මය අනුගමනය කර ධර්ම මාර්ගයේ ගමන් කළ උතුමන් වහන්සේලා ඉන්නවා කියා විශ්වාසය කරලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පෙළෙඹෙන කෙනා තමා ශ්‍රද්ධාවන්තයා. එතකොට ශ්‍රද්ධාවන්තයා බෞද්ධයෙක්. බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයේ පිළිගන්නවා නම් ඒ තැනැත්තා බෞද්ධයෙක්. එතකොට කල්‍යාණ මිත්‍රයා ළඟ තිබෙන ප්‍රථම ලක්ෂණය ශ්‍රද්ධාව නම් හැබෑ ශ්‍රද්ධාව තිබෙන්නේ බෞද්ධායාට පමණයි. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පු‍්‍රළුවන් බෞද්ධයෙකුම පමණයි.
හැබෑ කල්‍යාණ මිත්‍රයා තමා ශ්‍රද්ධාවෙහි පිහිටනවා වගේ තමා ඇසුරු කරන අයටත් තුණුරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කිරීමට මහන්සි ගන්නවා. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වයේ වටිනානකම. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයටයි බෞද්ධයා කියන්නේ. එහෙම අයට තමයි කල්‍යාණ මිත්‍රයන් කියන්නේ. හැබැයි අන් ආගම්වල හොඳ යාලුවෝ ඉන්න පු‍්‍රළුවන්. සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. ගුරුවරුන්ට වැඩිිහිටියන්ට සලකන කර්මකර්ඵල විශ්වාස කරන හොඳ යාලුවෝ ඉන්නවා. හැබැයි කල්‍යාණ මිත්‍රයා ඉන්නේ මේ ධර්මය තුළ පමණයි.
ඒ වගේම කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙන්න ඕන. අඳීන පළඳින ක්‍රමය, කථාබහ කරන ක්‍රමය, ඇවතුම් පැවතුම් අනුව කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔහු අනෙක් අයගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඔහුගේ පැවැත්ම නිරහංකාර වෙනවා. ඒ වගේම ව්‍යක්ත වෙන්න ඕන. ව්‍යක්ත වෙනවා කියන්නේ අනෙක් අයට තේරුම් යන ආකාරයට කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම. ඉවසන සුළු කෙනෙක් වෙන්න ඕන. අනෙක් පිරිස වචනයෙන් නො ගැලපෙන දේවල් කරන්න පුළුවන්. හිස් වචන කතාකරන්න පුළුවන්. දොස් නගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී කල්‍යාණ මිත්‍රයා කුපිත වෙන්න හොඳ නැහැ. වචනය ඉවසීම පුරුදු කරන්න ඕන.
ඊළඟට සරල තැනින් පටන් ගෙන ක්‍රමයෙන් ගැඹුරුට යන ලෙස ධර්මය කියා දෙන්න ඕන. එයට කියනවා ගම්භීරංච කතංකත්වා කියලා. ඒ වගේම අනෙක් පිරිස වැරැදි පාරවල් වල යොදවන්න හොඳ නැහැ. වැරැදි මානසිකත්ව තියෙන පුද්ගලයන් හමු වෙන්න පුළුවන්. ඒ වගේ අය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් වෙන්නේ කල්‍යාන මිත්‍රයාට පමණයි.
කල්‍යාණ මිත්‍රයා නිවන් මගේ උපකාර වන්නේ කොහොමද?
ඇත්තටම කල්‍යාණ මිත්‍රය සම්පත්තිය සෝතාපන්න අංග අතර පළමු කාරණය ලෙස දැක්වූයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් අපට මේ නිවන් මාර්ගයේ දිගටම ගමන් කරන්න බැහැ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමැති කල්‍යාණ මිත්‍රයා පහල වූයේ නැත්නම් ධර්මයක් ලොවට පහළ වන්නේ නැහැ. එනිසා අනිවාර්යෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් තියෙන්න ඕන. නිවන් මගේ ගමන් කිරීම තනියම කරන්නට බැහැ. ඔහුට කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුර මඟ පෙන්වීම තියෙන්නට ඕන. අපට ඒ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ තමයි අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක අපි ඉන්නේ. උන්වහන්සේ දේශනා කළේ ධර්මය ශාස්තෘන් කර ගන්න කියලයි. ඒ ධර්මය නමැති කල්‍යාණ මිත්‍රයා අද අපිට ඉන්නවා. එනිසා නිවනේ ස්ථාවර වීමට කල්‍යාණ මිත්‍ර සේවනය අපට අත්‍යවශ්‍යයි.
සාකච්ඡා කෙළේ නයනා නිල්මිණි
රාජ්‍ය වර්ෂ 2012 ක් වූගෝස්තු 01 වනදා බදාදා - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින බුදුසරණ
සද්පුරුෂයෝ
සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..
සුදන ඇසුර සදයි සැපත
ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..
සත්පුරුෂයෙකු වීමට බියද?
අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..
සරු දේ ලබන්නෝ
නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන් වෙනුවෙනි). සරු දෙය සරු ලෙස ම නිසරුව... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..
හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි
වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..
වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…
බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..
කල්‍යාණමිත්‍ර සම්පත්තිය
සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..
අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…
සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..
ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම
අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..