Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

කුලයන් කෙරෙහි නොඇලෙන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවයයි

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි.

'සිංහල අවුරුද්ද' එදා සිටම සමරනු ලැබූයේ මේ උතුම් සිදුවීම මුල්කරගෙන ය යන්න ඉතිහාසයේ පැහැදිලිවම සටහන් වී ඇත. පසු කාලීනව මේ කුඩා ජාතිය හා බුදු දහම විනාශ කිරීම සඳහා විශාල අසල්වැසි රාජ්‍යය වූ දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් නිසා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් අති වුවද මහා සංඝ පරපුර මෙන්ම අපේ ආදී මුතුන් මිත්තන් පිවිතුරු බුදු දහමත්, සිංහල සංස්කෘතියත්  දිවි පුදා රැක ගැනීමට සමත් වීම අපගේ ඉමහත් වාසනාවකි. බුදුන් වහන්සේ මිනිසාට දුන් පළමු ආදර්ශය අප හඳුනා ගත්තා නම් අපගේ සංස්කෘතික උරුමය රැකදුන් හැම දෙනාටමත්, රටටත් අප කිසියම් අයුරකින්කළගුණ සැලකිය යුතුය.

හින්දු අවුරුද්ද හා එක්ව අප්‍රේල් මාසයේදී සිංහල අවුරුද්ද සැමරිය යුතුයයි බලපෑම් කලේ කාලිංග මාඝ නම්වූ ඉන්දියානු ද්‍රවිඩ  ආක්‍රමණිකයායි. ඔහු හා එක්වූ එවකට හින්දු ආගමත් එහි විවිධ ප්‍රජාත් කෙන්ද්‍ර නැකත් ශාස්ත්‍රයන් බෞද්ධයන් අතර ප්‍රචාරය කරමින් සිටි ගනින්නාන්සෙලගේත් බලපෑම් වලට යටවූ සිංහල බෞද්ධ ජනතාවට  වෙසක් දිනය වෙනුවට තම සිංහල අවුරුද්ද ලෙස හින්දු අවුරුදු දිනය පිළිගැනීමට සිදුවිය.

ඉතිහාසය පුරාම ඇත්තේ අපේ දුර්වල කමට වඩා ජාතියක් වශයෙන් හැඟීමක් හා එකමුතුවක් නැතිවීම නිසාම අපව පාලනය කරගෙන යාම පහසු වූ බවට සාක්ෂිය.   මෙම ඉතිහාසය පැහැදිළිව  ඉගෙනීමට අපට ලැබුණු අවස්ථා හිඟ වුවත්, 2600 ජයන්තිය සමරන මේ වසර යළි වෙසක් දිනයේ සැබෑ වැදගත්කම වටහා ගැනීමටත්, සිංහල බෞද්ධ ඉතිහාසය ජනතාවට වටහා දී ජාතික ආගමික හැඟීම් යළි හඳුන්වා දීමටත් හොඳම කාලයයි.

මෙය "ලේබල්" අලවා ගැනීමක් වශයෙන් නොව, බුදුන් වහන්සේ අපට පෙන්වාදුන් අංග අටකින් සමන්විත මාර්ගයට පිවිස ත්‍රිවිධ රත්නයේම ගුණ මෙනෙහි කරමින්, දාන- සීල- සමථ, විදර්ශනා භාවනා පුහුණුව මත සකස් වුණු, මෙත් කරුණු, මුදිතා උපෙක්ෂා සිත් පෙරදැරි කරගත්, සත්‍ය දහම කරා යොමුවූ ගමනකි. මෙවන් අවුරුදු උත්සවයක් ලෙසින් යළි වෙසක් දිනය සැමරීමට වැඩ පිළිවෙලක් සකසා දීම, දහමත් ඉතිහාසයත් මැනවින් දන්නා සංඝයා වහන්සේගේත්, උගතුන්ගේත් වගකීමකි.

යහමගට පිවිසි, අහිංසක ඒත් අදීන සත්පුරුෂයන් බිහි වීමට අවශ්‍ය පදනමද මෙයයි. අතීත පාලකයන් විසින් ජාතියට අහිමි කරවූ අපේ අනන්‍යතාවය යළි ස්ථාපිත කරවීමට රජ්‍ය මට්ටමින්ම පියවර ගැනීම ජයන්තිය වෙනුවෙන් කල හැකි උපහාරයකි. 

චතුරංග

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..