අප ගැන කෙටියෙන්...
"සත්පුරුෂ සමාජය” අගය කරණ “සත්පුරුෂ කල්යාණ මිත්‍ර සංගමය” ආරම්භ වූයේ 2010 මැයි මස පිළිවෙතින් යුතුව 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානමක් ලෙසය.
අප ඕනෑම පිංකමක් අවසානයේදී "ඉමිනා පුඤ්ඤ කම්මේන" යන ගාථාව කියමින් පතන්නේ නිවන් දකිනා ජාතිය දක්වාම බාලයන්ගේ ආශ්‍රයක් නොලැබ සත්පුරුෂයන්ගේ ආශ්‍රයක් ලැබේවායි කියාය. මෙසේ පැතීමට අමතරව තමාට ද සත්පුරුෂයෙකු වීමට සහ කල්‍යාණ මිත්‍රයෙකු වීමට වගකීමක්, නැතිනම් යුතුකමක්, අයිතිවාසිකමක් තිබෙනවා යයි බොහෝවිට අපි නොසිතමු. නමුත් අපට එසේ වීමට බැරිකමක් නැත.
යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා ඉතිහාසය තුල වරින් වර ගන්නා ලද උත්සාහයන් රාශියකි. අප පරාධීනව සිටි යුගයේදී පවා ගරු අනගාරික ධර්මපාල තුමා සිංහල බෞද්ධයා දුරාචාරයෙන් ගලවා ගැනීමට මහත් උත්සාහයක් ගත්තේය. එසේම ඉන් අනතුරුව 2500 බුද්ධජයන්තියේදී විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. සිංහල බෞද්ධයෝ වඩාත් ප්‍රතිපත්තියට නැඹුරු වූහ.
ඉහත කී උසස් අදහස් වලට අනුකූලවූ ධර්මිෂ්ඨ සමාජය පිළිබඳ සංකල්පය 1977 දී මතුවූයේ දේශ්පාලනික අරමුණු පෙරදැරිවය. එමගින් රාජ්‍ය බලය ලැබූවද ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට එම රජයට ඕනෑකමක් තිබුනේ නැත යයි කණගාටුවෙන් වුවද ප්‍රතිඵල දෙස බලන කෙනෙකුට පෙනේ.
බෞද්ධ ජන හදවත් දිනාගත් සුප්‍රසිද්ධ ධර්ම කථික පූජ්ය ගංගොඩවිල සෝම හිමියන් "පන්සිල් සුරකින සමජයක් " ඇති කිරීමට උත්සාහ ගත්තේ එමගින් වුවද සමාජය ශිෂ්ඨ කිරීමේ අරමුණින්ය. මේ අදහස් වරින් වර රාජ්‍ය නායකයින් විසින් අවධාරණය කිරීම තුලින් පෙනී යන්නේ ඔවුන්ටද මෙම ප්‍රතිපත්තිය නැතිවම බැරි නිසා විය යුතුය.
අපේ මවු බිමේ වර්තමාන තත්වය මඳක් විමසමු. "සුභ අනාගතයක්" කරා යාම ශ්‍රී ලංකාවේ පවතින රජයේ අභිප්‍රායයි. තිස් අවුරුදු යුද්ධයක් ජයගත්තද රට තුල ඇත්තේ අනාරක්ෂිත වාතාවරණයකි. අපක්ෂපාතීව සළකා බලන විට රට තුල ඇති මෙම තත්වය ගැන සතුටුවිය නොහැකිය. විනයක්, සංවරයක් ඇති යහපත් සමාජයක් මෙන්ම, බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවක් අප විසින්ම නිර්මාණය කරගත යුතුය.
එපමණක් නොව, එම සමාජය තුළ ජීවත් වන පිරිස මෙලොව සහ පරලොව යන දෙලොවම ජය ගත යුතුය. සුභ අනාගතයක් උදා වනේ එවැනි ජයග්‍රහණයක් තුලින්ය. එමනිසා දේශපාලන අරමුණු වලින් තොරව සලකා බලන විට අධර්මිෂ්ඨ, අසත්පුරුෂ , පන්සිල් නොරකින මතින් බමන සමාජයකට සුභ අනාගතයක් උදාකරගත නොහැකි බව ඉතා පැහැදිලිය.
සත්පුරුෂ ආශ්‍රය ලැබෙන සත්පුරුෂ සමාජයක් අප අවට වේ නම්, මෙලොව පරලොව දියුණුව සහ අවසානයේ නිවනද අපට ලඟා කරගත හැක."සත්පුරුෂ සමාජයක්" අගය කරන අප සංගමයේ උත්සාහය එවන් සත්පුරුෂ සමාජයක් අප අතරින් බිහි කරගැනීමය. මේ නිසා "ඉමිනා පුඤ්ඤ කම්මේන" යන ගාථාව කියමින් එවන් ආශ්‍රයක් ලැබේවායි පතන අතරම, තමාද යම් තරමකින් හෝ එක් සත්පුරුෂයෙකු, එක් කල්‍යාණ මිත්‍රයෙකු වීමට සුදුසුකම් සපුරා ගතයුතුය.
මෙම වෙබ් අඩවිය ඒ සඳහා මුල් පියවර තබා ඇත. ඔබටද අප සමග එක් වී ඉකමනින්ම එම සත්පුරුෂ සමාජයට ලඟාවීමට පුළුවන.
සද්පුරුෂයෝ
සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..
සුදන ඇසුර සදයි සැපත
ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..
සත්පුරුෂයෙකු වීමට බියද?
අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..
සරු දේ ලබන්නෝ
නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන් වෙනුවෙනි). සරු දෙය සරු ලෙස ම නිසරුව... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..
හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි
වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..
වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…
බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..
කල්‍යාණමිත්‍ර සම්පත්තිය
සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..
අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…
සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..
ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම
අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..