Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

තමාට සිදුවූ අලාභ ගැන නොසිතන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්‌

පසුගියදා පැවැති බොදුබල සේනා මහ සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ඉදිරිපත් කරනලද යෝජනාවලිය පහත දැක්‌වේ.

මෙම යෝජනාවලියෙන් 1959 නොවැම්බර් මසප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බොදුබලසේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. එම යෝජනාවලිය මෙසේය.

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිකසමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ මෙතෙක්‌ නිර්වචනය කර නොමැති 'බුද්ධ ශාසනය' යන්න හාබුද්ධ ශාසනයට 'ප්‍රමුඛස්‌ථානය දී සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම' යන්න නිර්වචනය කොට 1959 නොවැම්බර් මස ලංකාණ්‌ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන්වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීමටකටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

2. තථාගත බුද්ධ වචනයට හා බෞද්ධ සංස්‌කෘතියටමෙන්ම පෞරාණික උරුමයන්ට හානි කරනු ලබන සියලු ප්‍රකාශන හා නිර්මාණ තහනම් කිරීම සඳහාඅතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමත කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේපනත වහා සම්මත කරන ලෙස යෝජනා කරන්නෙමු.

3. දහම් අධ්‍යාපනයෙන් පොහොසත් ශිෂ්ටසම්පන්න, විනයවත්, දරු පරපුරක්‌ බිහි කිරීම උදෙසා,

(a) ඉරිදා දිනයන්හි ප.ව. 2.00 දක්‌වාත්, පොහොය දිනයන්හි දීත් පෞද්ගලික පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරනලෙසත්,

(b) තෙවරක්‌ කැබිනට්‌ පත්‍රිකා මගින්අනුමැතිය ලැබී ඇති ධර්මාචාර්ය සමතුන්ට රජයේ පාසල්හි ගුරු පත්වීම් නොපමාව ලබා දෙනලෙසත්, දහම් පාසල් අවසාන විභාගය සමතුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී වරප්‍රසාදලකුණක්‌ ලබාදෙන ලෙසත්,

(c) සියලුම පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම සඳහා භික්‌ෂූන් වහන්සේලා පත්කිරීමටත්,

(d) ජාත්‍යන්තර පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමටත්, කටයුතු කරන ලෙසරජයට යෝජනා කරන්නෙමු.

4. ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතයපහත හෙළීම සඳහා 'පුංචි පවුල රත්තරන්' යන පවුල් සැලසුම් කිරීමේ සංකල්පයට මුවා වී දැයනසන සියලු බලවේගවලින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා,

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරනු ලබනසියලුම ආකාරයේ වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන් වහා නවතා දැමීමත්, ඒ සඳහා වෛද්‍යවරුන්ට හාරෝහල්වලට ගෙවනු ලබන සියලුම ගෙවීම් නවතා දැමීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය හාරාජ්‍ය නොවන සියලු ආයතන මසක්‌ ඇතුළත වසා දැමිය යුතු බවටත්,

ශ්‍රී ලංකාවේ පවුල් සංස්‌ථාව අර්බුදරාශියකට ලක්‌කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශීය ගෘහ සේවය නමින් වූ වහල් සේවය සඳහායෑවීම තහනම් කොට ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රජයටයෝජනා කරන්නෙමු.

5. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හාසංස්‌කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර ඔවුන්ගේ සියලු අයිතිවාසිකම්හා අනන්‍යතාවන් රෝම ලන්දේසි ඉංගී්‍රසි නීතිය යටතේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතිහෙයින් උපත්, විවාහ, ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සියලුදෙනාටම පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකීය නීති පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමට කටයුතුකරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි, ඒකීයදේශයක්‌ වන අතර එය ජනවාර්ගික, භාෂාමය හෝ ආගමික පදනමක්‌ මත බෙදා වෙන් කළ නොහැක්‌කේයයන පදනම මත ජනවාර්ගික, භාෂා හෝ ආගමික පදනමක්‌ පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් කිරීමතහනම් කිරීමට කටයුතු කිරීමටත් රජයට යෝජනා කරන්නෙමු.

http://www.divaina.com/2012/08/06/news16.html


දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් පුජ්‍ය බෙංගමුවේනාලක හිමි

මීට වසර 2601 කට පෙර බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ගමන හා ඉන් පසුවඋන්වහන්සේ දෙවරක්‌ම වැඩම කිරීම නිසාත් වසර 2320 කට පෙර දේවානම්පියතිස්‌ස රජු සමයෙහිමිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර රජු හා වැසියන් ද බුදු දහමට අනුගතකරවීම නිසාත්එදා සිංහල දේශය නමින් හැඳින් වූ අද ශ්‍රී ලංකාව නමින් හැඳින්වෙන අපගේ මවුබිමලොවපුරා ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක්‌ ලෙසයි. අන්‍යාගමික හා අන්‍යජාතික බලපෑම් නිසාමෙරට බෞද්ධ ජන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී යතත් අතිවිශාල බෞද්ධ ජන අනුපාතයක්‌ ඇතිතායිලන්තය, මියන්මාර් වැනි ථෙරවාදී බෞද්ධ රටවල් මෙන්ම මහායාන බෞද්ධ රටවල් හා වෙනත්බොහෝ රටවල් ද ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ මූලස්‌ථානය ලෙස පිළිගනිති. එහෙත් මෙරට බොහෝදේශපාලකයන්ටද, ඇතැම් උගතුන්ටද මෙය බහු ආගමික රටක්‌ වීම අරුමයකි. ශ්‍රී ලංකාවේආරක්‍ෂා විය යුතු ප්‍රධාන හා වැදගත් දේ කුමක්‌ දැයි කවුරුන් හෝ ඇසුවොත් ඊට නුවණින්දෙන පිළිතුර විය යුත්තේ බුද්ධ ශාසනය යන්නයි. මෙරට බුද්ධශාසනය රැකෙන විට රැකිය යුතුසියල්ලක්‌ම ආරක්‍ෂා වන බවද කිව යුතුය.

පෙර සිංහල රජවරු බුදු සසුන සුරැකීමට මුල්තැන දී ක්‍රියා කළහ. විශේෂයෙන් මාගේ මේව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිසයයන තේමාපාඨය තම සටන් පාඨය කරගෙන පර සතුරන් සමග යුද වැදුණු දුටුගැමුණු මහරජතුමාගෙන් පසුවමෙරට සියලුම රජවරු (නුවර යුගයෙහි සිටි වඩුග රජවරු පවා) බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමතම මූලික කටයුත්ත ලෙස සළකා ක්‍රියා කළහ. දුටුගැමුණු මහරජතුමාගෙන් ඉහත දැක්‌වූ සටන්පාඨය ඒ සඳහා මහා බලපෑමක්‌ ඇති කළාට කිසිදු සැකයක්‌ නැත. එය කොතරම් බලවත්වීද යත්ඉංග්‍රීසින් විසින් රට අත්පත්කර ගැනීමට වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ සිංහලයේගිවිසුමෙහි පවා බුද්ධාගම රකින බවට සටහන් කිරීම හා එය පිළිගැනීමට ඉංගී්‍රසීන්ට දසිදුවිය. වර්තමාන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි ද බුද්ධාගමටප්‍රමුඛස්‌ථානය දෙන බවත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත්සඳහන් කර ඇත. බෞද්ධයෝ ආක්‍රමණශීලි නොවෙති. එහෙත් අන්‍යාගමිකයන් ආක්‍රමණශීලීහු වෙති.බුදු දහමෙහි හරවාගැනීම්ද නොමැත. අන්‍යාගමිකයෝ බලහත්කාරයෙන් හා විවිධ උපක්‍රම මගින්ආගමට හරවා ගැනීම්ද කරති. එබැවින් බෞද්ධයන්ගෙන් අන්‍යාගමිකයන්ට අනතුරක්‌ නොමැති අතරඅන්‍යාගමිකයන්ගෙන් බුද්ධ ශාසනයට අනතුරක්‌ ඇත. මෙම තත්ත්වය මෙරට පාලකයන් හොඳින්වටහාගත යුතුවේ.

එහෙත් මෙම ව්‍යවස්‌ථාපිත කරුණ අද බොහෝ දේශපාලකයන්ට මෙන්ම බොහෝ බෞද්ධයන්ටද අමතකවී හෝ අමතක කර දමා ඇති බව කිව යුතුය. බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම නීතිගතකර තිබුණද බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි නීත්‍යනුකූලව අර්ථකථන දී නොමැත. ඒ සඳහාදේශපාලකයන් හෝ නීති විශාරදයන් සිත් යොමුකර නොමැත්තේ ඒ පිළිබඳව උවමනාවක්‌ හෝ ගරුකිරීමක්‌ නොමැති නිසා විය යුතුය. ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලා මෙන්ම බෞද්ධ සමිතිදඉඳහිට බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම ගැන අදහස්‌ ප්‍රකාශ කරති. දේශපාලකයෝද තම දේශපාලනඋවමනාවන් ඉටුකර ගැනීම සඳහා බුද්ධ ශාසනය ගැන කතා කරති. ඒ අතරතුර විජාතික, විදේශික හාඅන්‍යාගමික බලපෑම්වලට හසුවී ක්‍රම ක්‍රමයෙන් බුද්ධ ශාසනය පරිහානියට පත්වෙන බව පෙනීයයි. බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි පැහැදිලිව අප වටහාගත යුතුය. බුදුදහම, බෞද්ධභික්‌ෂුව, බෞද්ධ ජනතාව, බෞද්ධ ආයතන හා සිද්ධස්‌ථාන හා සියල්ලේම සංයුතිය වූ බෞද්ධසංස්‌කෘතිය යන මේ සියලුම අංගෝපාංග එක්‌ වූ විට බුද්ධ ශාසනය යෑයි හැඳින්විය හැකිය.එසේ සඳහන් කළ කිසියම් කොටසකට හානි පැමිණේ නම් එය බුද්ධ ශාසනයට හානි වීමක්‌ ලෙසසැලකිය යුතුය. ඉතා හොඳින් විමසා බැලුවොත් අද වන විට ඉතා සියුම් ලෙස බුද්ධ ශාසනයටහානි සිදුකරමින් සිටින බව කාහට නමුත් පැහැදිලි වනු ඇත.

මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමික තර්ජන මෙන්ම ආක්‍රමණද රටපුරාම ක්‍රියාත්මකවෙයි. මෙරට සිටින එම ආගමිකයන්ගේ විදේශ නියෝජිතයන් හා මෙරට නියෝජිතයන්ද එක්‌වී එයක්‍රියාත්මක කරන බව පෙනේ. විශේෂයෙන් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් බෞද්ධගම්මානවලට රිංගා යාඥ මඩු පවත්වමින් බෞද්ධයන් හරවා ගැනිමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මකකරන බව රහසක්‌ නොවේ. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් විදේශ රටවලින් මුදල් ලැබේ.මුස්‌ලිම් ආක්‍රමණයද එලෙසින්ම ක්‍රියාත්මක වේ. දිනපතා පුවත්පත්වල මුස්‌ලිම් නම් ගත්කලින් බෞද්ධයන්ව සිටි අය පිළිබඳව දැන්වීම් හොඳින් විමසා බැලුවොත් මුස්‌ලිම්ආක්‍රමණය කොතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේද යන්න වටහා ගත හැකිය.

1976 නොබැඳි සමුළුවට පැමිණි ලිබියානු නායක ගඩාෆි කොළඹ සහිරා විද්‍යාලයට හාහොලිඩේ ඉන් හෝටලයට එදා ලංකාව පුරාම සිටි මුස්‌ලිම් නායකයන් කැඳවා දේශන පවත්වා කරුණු 03 ක්‌ අවධාරණය කළේය.

01. ශ්‍රී ලංකාවේ දේපළ හා ඉඩම් මිලදී ගත යුතුය.

02. ශ්‍රී ලංකාව පුරාම මුස්‌ලිම් පල්ලි ඉදිකළ යුතුය.

03. තමාගේ මුණුපුරා මේ රටට එනවිට මේ රට මුස්‌ලිම් රටක්‌ විය යුතුය.

මේ සියලු කටයුතු සඳහා ඔහු මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් වෙස්‌ ගෙනඑම රැස්‌වීම්වලට ගිය මේ තොරතුරු හොඳින් දන්නා කෙනෙක්‌ අදත් ජීවතුන් අතර සිටි. එදාගඩාෆි අවධාරණය කළ කරුණු මේ වන විට මුස්‌ලිම්වරුන් කොතරම් දුරට ක්‍රියාත්මක කරඇත්දැයි රටපුරා සංචාරය කරන විට පෙනී යනු ඇත. නැගෙනහිර පළාතම මුස්‌ලිම් ආක්‍රමණයටගොදුරු වෙමින් පවතී. තැන් තැන්වල ස්‌ථාවර මුස්‌ලිම් තොරණ ඉදිකර ඇත. මේ තොරණවල අරාබිඅකුරින් වැකි සටහන් කර ඇත.

මේවා ගැන මෙසේ කියන විට ආගම් භේද ඇති කිරීමට උත්සාහ දරතැයි අපේම උගතුන් හාදේශපාලකයන් අපට දොස්‌ නගනු ඇත්තේ යථාර්ථය නොදැන හෝ යථාර්ථයට පිටුපෑම නිසා මිස වෙනත්කරුණක්‌ නිසා නම් නොවේ. ඉරානය, ඉරාකය, ඉන්දුනීසියාව වැනි බෞද්ධ රටවල්වලට අද අත්වීඇති ඉරණම මෙරට බෞද්ධයන් මෙන්ම දේශපාලකයන් ද හොඳින් වටහා ගත යුතුය. පෘතුග්‍රීසීන් හාලන්දේසීන් මෙරටට නොපැමිණියා නම් ඒ වන විටත් මෙහි පැමිණ සිටි මුස්‌ලිම් වෙළෙන්දන්මගින් මෙරට මුස්‌ලිම් ආක්‍රමණයකට හසුවන්නට ඉඩ තිබුණැයි ඇතැමුන් කියන කතාව ඉවත දැමියනොහැක. සියලුම දුක්‌ගැහැට විඳිමින් අපේ අතීත මුතුන් මිත්තන් අපට රැකදී ඇත්තේ බුදුසසුනයි. මිහිඳු හිමියන් මගින් දුන් දායාදය රැකදීම පිළිබඳ ඉන්දියාව ලංකාවට ණය ගැතියයෑයි මහාචාර්ය භාරතසිංහ උපාධ්‍යාය පඬිතුමන් තම පාළි සාහිත්‍ය ඉතිහාස කෘතියෙන් කරනසඳහන ඉන්දියාවට ද පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවත් එහි බුද්ධ ශාසනය ආරක්‍ෂා විය යුතු බවත් සත්‍යගරුකරන කවුරුන් වුවද පිළිගත යුතුය. එම සත්‍යය දැන ඊට ගරු කළා පමණක්‌ නොව එයප්‍රකාශයට පත් කළ කෙනෙකි, මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමාගේ හදවතින්ම නැගුණු කවිසංකල්පනා මගින් ඒ බව මෙසේ අවධාරණය කළේය.

වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්a – බැලු බැලු හැමතැනම වෙහෙරක්‌පෙනීයන්

ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්

යම්විට යම් කොත් සුන් වී ඇති හොත් යළි නංවනතුරු කන්න එපා බත්

පියතුමා මුල් කවියෙන් කියන්නේ රට පුරා බැලු බැලු හැමතැනකම පන්සල් හැදිය යුතුබවයි. එමගින් දෙන පණිවිඩයෙන් සියලු වැසියන්ගේ සිත් සිල් ගැන්වීම එතුමාගේ අදහස විය.දෙවැනි කවියෙන් අවධාරණය කරන්නේ කැඩී බිඳීගිය වෙහෙර විහාර පිළිසකර කළ යුතු බවයි.විශේෂයෙන් නටබුන් වූ දාගැබ් පිළිසකර කොට කොත් පැළඳවිය යුතු බවයි. කුසගින්නේ ඉදිමින්හෝ එය කළ යුතු බව එතුමා අවධාරණය කරයි.

බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව පිණිස අද මෙවැනි අදහස්‌ දරන හා ප්‍රකාශ කරන අන්‍යාගමිකයන්තබා සිංහල බෞද්ධයන්ද සොයා ගැනීම අසීරු කරුණක්‌ බව කණගාටුවෙන් වුවද සඳහන් කළයුතුය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නීතිය සකස්‌ කළේසුද්දන්ය. දිගු ඉතිහාසයක්‌ නොමැති ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ රටවල්වල මෙන්ම ඔවුන්යටත්කරගෙන සිටි රටවල්වලද නටබුන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්‌කරණය නොකොට තහවුරුකිරීමටයි. සුද්දාගේ නීතිය අදත් කළු සුන්දන් විසින් මැනවින් ආරක්‍ෂා කරනු ලැබේ.දාගැබ් වැනි නටබුන් සුද්දන්ට අවශ්‍ය වූයේ බැලීමට මිස වෙනත් දේකට නොවේ. ඒ සඳහාපෞරාණික ස්‌වභාවය ආරක්‍ෂා කර තැබීමට ඔවුහු පුරාවිද්‍යා නීති සැකසූහ. එහෙත් සිංහලරජවරු එම පූජනීය ගොඩනැගිලි නැවත නැවත අලුත්වැඩියා කළහ. මෙරට බෞද්ධයන්ට ඒවා අවශ්‍යවූයේ බැලීමට පමණක්‌ නොව වන්දනා කිරීමටත්ය. නටබුන් ස්‌වරූපයෙන් තිබෙන විට බලනු මිසවැදීමට සිත් නොවේ. රුවන්වැලි සෑයද නටබුන්ව තිබුණා නම් බෞද්ධයන් පමණක්‌ නොවඅබෞද්ධයන් පවා අද එතැනට ගොස්‌ ලබන මානසික සහනය ලැබිය හැකිද? යන කරුණ අඥනපුරාවිද්‍යාඥයන් විසින් තම නොදැනුම ටිකක්‌ මගහරවාගෙන විමසා බලන්නේ නම් මැනවි.

බුදු සසුන බැබලීමට නම් දීඝවාපිය, ගිරිහඬුqසෑය, ඡේතවනය, අභයගිරිය මෙන්ම යාපාපටුනෙහි තිබෙන පෞරාණික දැගැබ්ද පිළිසකර කොට සුණු පිළියම් කර සුදොa සුදු පැහැයෙන්බැබලවීමට සැලැස්‌විය යුතුය. එය රටට ද ආලෝකයක්‌ මෙන්ම ආශිර්වාදයක්‌ ද වනු නිසැකය. ඒවෙනුවෙන් පුරාවිද්‍යා නීතිය වෙනස්‌කර ගැනිමට ද අප පසුබට විය යුතු නැත.

වර්තමානයේ පිරිවෙන්, බෞද්ධ අධ්‍යාපන ආයතන වශයෙන් නොසලකා හැරි ආයතන බවට පත්වීතිබේ. ඒ පිළිබඳ වගකිම් දරන පිරිවෙන් පාලක මණ්‌ඩලයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයටද ඒවානගා සිටුවීමට අවශ්‍යතාව නොමැති බව පෙනේ. සෑම පන්සලක්‌ම පිරිවෙනක්‌ය යන උතුම්සංකල්පනාවෙන් පිරිවෙන් නගා සිටුවීම කළහොත් එය බුදු සසුන සුරැකීමට ප්‍රබලම හේතුවක්‌වනු ඇත. බෞද්ධ පොත පත ප්‍රචලිත කිරීම හා ඒවා බෞද්ධ අබෞද්ධ හැම දෙනාටම කියවීමටසැළසීමෙන් තම ජීවිත සකස්‌කර ගැනීමට මග හැදීමද අවශ්‍යම දෙයකි. මේ උතුම් කාර්යයෙහිවැදගත්කම වටහා ගෙන මහා කැපවීමකින් යුතුව ක්‍රියා කරන පූජ්‍යපාද කිරම විමලජෝතිහිමිපාණන්ගේ මහා මෙහෙවර කෘතවේදීත්වයෙන් යුතුව මෙහිලා සඳහන් කළ යුතුය.

බෞද්ධ පෙරහැර හා බෞද්ධ උත්සව මෙන්ම පිංකම්ද පැවැත්වීම සංස්‌කෘතික පැත්තෙන් බලනවිට මෙන්ම ශ්‍රද්ධාව ඇතිකරලීමෙහිලාද වැදගත් වෙයි. එහෙත් බුදු සසුන සුරැකීමට ඒවාපමණක්‌ ප්‍රමාණවත් නොවත බව කිව යුතුය. පෝය දිනට සීල ව්‍යාපාර පැවැත්වීම, පිණ්‌ඩපාතචාරික සංවිධානය කිරිම වැනි දේ මතුපිටින් බලන විට ඉතා ආකර්ශනීය වුවද එවැනිකටයුතුවලින් පමණක්‌ ද බුදු සසුන ආරක්‍ෂා නොවන බව ද කිව යුතුය. ගිහි පැවිදි සම්බන්ධයතහවුරු කරනු වෙනුවට අද බෞද්ධයන් මෙන්ම භික්‍ෂුන් පවා දේශපාලන පක්‍ෂ අරමුණු මතක්‍රියා කිරීමට යොමුවීමෙන් බුදු සසුනට ඇති වී තිබෙන තර්ජනය බලලෝභී හා ධනලෝභීහැඟීමෙන් තොරව විමසා බැලිය යුතු කරුණකි.

කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැයකරමින් මාළිගා තනමින් හා තමන්ට මහා පිරිසක්‌ ඇතැයිලොවට පෙන්වමින් තමන් පමණක්‌ හරියට බණ කියතැයි ප්‍රචාරය කරමින් ක්‍රියාත්මක වනභික්‍ෂුන් හා ඔවුන් පසුපස යන දායකයන්ද නිසා බුදු සසුන රැකේaය යන්න සිතුවොත් එයමුලාවකි. පිටතින් එන උවදුරුවලට වඩා ඇතුළතින්ම එන කඳපණු උවදුර බුදු සසුනට බරපතළහානියක්‌ වන බව වටහා ගත යුතුය. ශ්‍රී ලංකාවෙන් ලොවට දියහැකි උතුම්ම හා වටිනාමපණිවිඩය බුදු දහමේ පණිවිඩයයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බුදු සසුන ආරක්‍ෂා වියයුතුය. ඒ උතුම් වගකීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම පාලකයන් ද වටහා ගෙන නුවණින්ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ මහා වගකීම ඉටු වුවහොත්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු සියල්ල ආරක්‍ෂා වන අතර ශ්‍රී ලංකාවෙන් වෙනත් කිසිදුරටකින් දිය නොහැකි වැදගත්ම දෙයක්‌ ලෝකයටද ප්‍රදානය කළ හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජයමෙන්ම ශ්‍රී ලංකාව රටවැසි කරගත් බෞද්ධ අබෞද්ධ හැම දෙනාම ඒ උතුම් වගකීමට බැඳීසිටිති.

http://www.divaina.com/2012/08/31/feature01.html

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..