Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අකම්පිත සිතක් ඇතිකරගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත් ධනයෙහි ආරක්‍ෂකයෙක්, කළමනාකරුවෙක් ලෙසද කලණ මිතුරා හඳුනාගත හැකිය. සත්පුරුෂයන් සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ. ආශ්‍රය තුළින්ම මොවුහු හඳුනාගත යුතු ය.  

ලොව ජීවත්වන අපි සියල්ලෝම දියුණුවීමට කැමැත්තෝ වෙමු. එසේම සැප කැමැත්තෝද වෙමු. මේ දියුණුව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් බෙදා වෙන්කොට ජීවන රටාව උසස් කර ගැනීමෙහිලා උත්සාහ ගත යුතුය. මේ සඳහා අධ්‍යාපනය හිත මිතුරු ඇසුර යනාදී සාධක බෙහෙවින් උපකාර වෙයි. පුද්ගලයා හා සමාජය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවයකි. කුඩා කල අපගේ පූර්වාචාරීන් වූ මවුපියන් ද සහෝදර සහෝදරියන්ද වෙනත් සහ ලේ ඥාතිවරාදීන්ගේද ආදරය සෙනෙහස රැකවරණය, මඟ පෙන්වීම ආරක්‍ෂාව ලැබේ. පාසල් අධ්‍යාපනය සමඟ ගුරුවරුන් හා විශාල ශිෂ්‍ය ප්‍රජා ඇසුරද සමාජගත ජීවිතයේදී තවත් හිත මිතුරන් ද ජීවිතය හා සම්බන්ධ වේ. අපගේ ඥාතීන් නොවන අය හැඳින්වෙන්නේ හිත මිතුරන් ලෙසිනි. මොවුන් සියල්ලෝම එක හා සමානව අප හා බැඳි නොසිටී. ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් ක්‍රියා කරන හිතමිතුරන් සේම දුක සැප දෙකෙහිදීම අප හා ජීවත් වන අය ඒ අතර වෙති. මේ දෙයාකාර මිතුරන් බුදු දහමේ වර්‍ග කර ඇත්තේ මිත්‍ර ප්‍රතිරූපක හා කල්‍යාණ මිත්‍රයන් යනුවෙනි.  

මිතුරන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගල ඇසුර පිරිහීමට හේතු වෙයි. ඔවුන් බැහැර කළ යුතු බව බුදු දහම උගන්වයි. අසත්පුරුෂයන්ගෙන් වෙන්ව කලණ මිතුරන් ඇසුරු කරන ලෙස ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් වන්නේ දාර්ශනික පදනමක පිහිටාය.  

නභජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්යානේ
භජේථ පුරිසුත්ත මේ   

පාප මිත්‍රයන් ඇසුරු නොකළ යුතුය. අධම පුද්ගලයන් භජනය නොකළ යුතුය. කල්‍යාණ මිත්‍ර උතුම් සත්පුරුෂයන් ඇසුරු කළ යුතුය යනු මෙහි සරලාර්ථයයි. අපේ ජාතක පොතේ සඳහන් සුව පෝතක ජාතකයද මීට කදිම නිදසුන් සපයයි. තාපසයන් ළඟට වැටුණු ගිරවා ඉතා මෘදු මොළොක් කාගේත් සිත් ගන්නා සුළු වචන කථා කළ අතර සොරුන් ළඟ වැඩුනු ගිරවා නරක නපුරු අමිහිරි කථා හා ක්‍රියාවන් කළ බව එහි සඳහන්ය. තමා හා එක්ව විසීමට සුදුසු කලණ මිතුරෙකු සොයා යන කෙනෙකුට තමන්ට වඩා ගුණයෙන් උසස් හෝ සමාන කෙනෙකු හමු නොවන්නේ නම් හුදෙකලාව විසීම යහපත් බව පහත සඳහන් ධම්ම පද ගාථාවෙන් මනාව පැහැදිලි වෙයි.

චරං චේ නාධි ගච්ඡෙය්‍ය
සෙය්‍යං සදි සමත්තනෝ
ඒක චරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා 

පහත් නීච පුද්ගලයන් ඇසුරු නොකිරීම මංගල කරුණක් ලෙස අසේවනාච බාලානං යන මංගල සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙයි. අයහපත් පුද්ගල ඇසුරෙහි ආදීනව එතරම් පුද්ගල පරිහානියට හේතුවන බව ඉන් පැහැදිලිය. අනුනට ඊර්ෂ්‍යා කරන්නවුන් සුරාවට, සූදුවට, දුරාචාරයට ලොල් වුවත්, බොරු කේලම් කියන්නවුන් මව්පිය ගුරුවරාදීන් නොසළකන ගරු බුහුමන් නොදක්වන අවමන් කරන්නවුන් ආදී අව ගුණැති පුද්ගලයන් ඇසුරට නුසුදුසුය. 

මෙලොව පරලොව සඳහා මනා මඟ පෙන්වීමක් කරන සිඟාලෝවාද සූත්‍රයෙහි මිත්‍ර ප්‍රතිරූපයන් සිව් දෙනෙකු පිළිබඳ සඳහන් කරයි. පළමුවැන්නා අඤ්ඤªත්ථුහර පුද්ගලයායි. මොහු පහසුවෙන් හඳුනාගත හැකිය. හිස් අතින් පැමිණ කුමක් හෝ රැගෙන යාම, යහළුවාට ටිකක් දී වැඩිපුර රැගෙන යාම තමන්ගේ කාය¸ කෙරෙන තුරු පමණක් ඇසුරු කිරීම මෙකී පුද්ගලයා හඳුනාගත හැකි ලක්‍ෂණයි. දෙවැන්නා වචීපරම පුද්ගලයායි. ඔහු සිය මිතුරාට අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතයෙන්ද සංග්‍රහ කරයි. නිරර්ථක අරුත් සුන් දේ කථා කරයි. කටයුතු පැමිණි කල යහළුවා මඟ හරී. තෙවැනි පුද්ගලයා අනුප්පියභාණී. මොහු ලක්‍ෂණ සතරකින් හඳුනාගත හැකියි. පාප කම්මස්ස අනුජානාති පාප කර්‍ම අනුගමනය කරයි. කල්‍යාණම්පිස්ස අනුජානාති. කුසල කර්‍මයන්ද අනුගමනය කරයි. සම්මුඛාස්ස වණ්ණනං භාසති ඉදිරියෙහි ගුණ කියයි. පරම්මුඛාස්ස අවණ්ණං භාසති. අසම්මුඛයෙහි අගුණ කියයි. සිව් වැනි පුද්ගලයා අපාය සහාය නමින් හැඳින්වේ. මත්පැන් පානය කිරීම නොකල්හි වීථි සංචාරය කිරීම ආදී අපායට සහාය වන කරුණුවලින් ජීවිතය සරසාගත් පුද්ගලයායි. බොදුනුවන් වූ අප පින් දහම් අවසන කරන ප්‍රාර්ථනාවෙහි සඳහන් වන්නේද මා මේ බාල සමාගමෝ යනුවෙනි. නිවන් දක්නා ජාති දක්වා අද බාල ලාමක අය ඇසුර නොම වේවා සත් පුරුෂ ඇසුර ලැබේවා යනුවෙනි. බුද්ධිමත් පුද්ගලයා භයංකර සතෙකු දුරින්ම දුරුකර ගමන් කරන්නා සේ පාප මිත්‍රයන් දුරින්ම දුරැලිය යුතුය. 

කල්‍යාණ මිත්‍රයන් පිළිබඳ බුදුපියාණෝ නොයෙක් අවස්ථාවල විවිධ අයුරින් කරුණු පහදා ඇත. අත්තම්හි ජාතම්හි සුඛා සහායා. තුට්ඨි සුඛායා ඉතරීතරෙන දුක සැප දෙකෙහිදීම තමා සමඟ සිටින්නේ කල්‍යාණ මිත්‍රයාය. ඔහු හඳුනා ගන්නා ආකාරය බුදු පියාණන් වහන්සේ ඉතා සුපැහැදිලිව පෙන්වා ඇත.

පියෝ ච ගරු භාවනීයෝ
චත්තාච වචනක්කමෝ
ගම්භීරං ච කතං කත්වා
නෝවට්ඨානේ නියෝජයේ 

යමෙක් තමාගේ ශීල සම්පත්තියෙන් ඇසුරු කරන්නට ප්‍රිය වෙයිද පාෂාණච්ඡත්‍රයක් මෙන් ගරු වෙයිද ගුණ වශයෙන් සම්භාවනා කළයුතු වෙයිද ඇසුරු කරන්නන්ට යහපත පිළිබඳ අවවාද කරයිද චතුරාය¸ සත්‍ය ආදී ධර්‍ම කරුණු පහදා දෙයිද ඇසුරු කරන්නා සුදුසු ස්ථානයෙහිම තබත්ද එබඳු ගුණැති පුද්ගලයා කලණ මිතුරෙකි. සිඟාලෝවාද සූත්‍රයට අනුව කල්‍යාණ මිතුරන් සිව් දෙනෙකි. සමාන සුඛ දුක්ඛ, සුහද මිතුරා, උපකාරක සුහද මිතුරා, අත්ථක්ඛායී සුහද මිතුරා හා අනුකම්පක සුහද මිතුරා යනුවෙනි. 

ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත් ධනයෙහි ආරක්‍ෂකයෙක් කළමනාකරුවෙක් ලෙසද කළණ මිතුරා හඳුනාගත හැකිය. සත්පුරුෂයන් සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ. ආශ්‍රය තුළින්ම මොවුහු හඳුනාගත යුතු ය. මෙහි දුෂ්කර බව පැරැණි පඬිවරුන් පවසා ඇත්තේ,

ශෛලේ ශෛලේ න මාණික්‍යං
මෞක්තිකං න ගජේ ගජේ
සාධවෝ නහි සරිවත්‍ර 

චන්දනං න වනේ වනේ යනුවෙනි. ගලක් ගලක් පාසා මැණික් නැත. සෑම ඇතෙකුගේම දළ වල මුතු නැත්තේ ය. හැම වනයේම සඳුන් නැත. එමෙන් සෑම තන්හිම සත්පුරුෂයන් නැත්තේය යනුයි. දානය පි‍්‍රය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන උසස් ගුණාංග අප ඇසුරු කරන පුද්ගලයන් තුළ තිබිය යුතු ය. එසේ නැතහොත් යහපත් ඇසුර දිගු කාලීනව පවත්වාගෙන යා නොහැකිය. පුද්ගලයෙකු ගේ ආර්ථික සාමාජික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා යහපත් ඇසුර අත්‍යවශ්‍යම වේ. එමෙන්ම පෞරුෂ වර්ධනය සඳහා ද දෙලොව අභිවෘද්ධිය සඳහා ද මෙය බෙහෙවින් බලපායි. මෙහිදී විශ්වාසය ඉතා වැදගත් වේ. විස්වාස පරමා ඥාතී යන්නෙන් ඒ බව වඩාත් තහවුරු වන්නේ ය 

සුහදව කතා බහ කිරීම හා සාමාන්‍ය ලෙස හිතවත්ව සිටීම එකකි. විශ්වාසයෙන් සහයෝගයෙන් ජීවත්වීම තවත් එකකි. සමීප ඇසුර ඉතාමත්ම ප්‍රවේශමෙන් කළ යුතු ය. යම් උපකාරක මිත්‍රයෙක් වේද සැප, දුක දෙකෙහිදීම යහළුවේ ද ලොව වැඩ පිණිස මඟ කියන්නේද අනුකම්පා කරන්නේද ඤාණවන්ත පුද්ගලයා ඖරස පුත්‍රයෙකු රකින මව සේ සත්කාර කොට ඇසුරු කළ යුතුය යනු සම්බුදු වදනයි. ඇසුරේදි වඩාත් වැදගත් වන්නේ ලාමක, ග්‍රාම සංකල්පවලින් යුත් පුද්ගලයන් දැනහැඳින ඔවුන්ගෙන් ඈත්වීමයි. ගුණ යහපත් ඇසුරට සුදුසු පුද්ගලයන් පිළිබඳ සුභාෂිතයේ දී අලගියවන්න මුකවෙටිතුමා අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ යන කවෙන් කරුණු පැහැදිලි කරයි.

අප කළ පින් බෙලෙන් දුදනන් හමු නොවේවා!
සසර වසනා තුරු - සුදන ඇසුරම වේවා! 

ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්යනාමල්වත්තේ ශ්‍රී ආනන්ද නාහිමි 

Budusarana - 2013 ක් වූ ජනවාරි 11 වනදා සිකුරාදා 

 

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..