Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

ලෝක ධර්මයන් කෙරෙහි කම්පා නොවන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සිරිවර්ධනලා ගස්‌ බැඳීමෙන් පමණක්‌ බෞද්ධ විරෝධී ක්‍රියාන්විතය නිෂ්ක්‍රීය කළ හැකිද?

පසුගිය සති කිහිපය තුළ මෙරට ජනතා අවධානයට සුවශේෂිව ලක්‌වූ චරිතයක්‌ වූයේ ගාල්ලේ වඳුරඹ "කලෙහෙ ලොකුගේ සිරිවර්ධනයි". ඔහු විසින්ම හෝ ඔහුගේ "අනුගාමිකයන්" විසින් ඔහු "මෛත්‍රී බුදුන්" යෑයි හැඳින්වීමට ඉස්‌සර වී ඇතත් ඔහුගේ කැරට්‌ටුව මෙරට ජනමාධ්‍ය විසින් මේ වන විට හෙළිකර හමාරය. එහෙත් මෙරට බොහෝමයක්‌ ජනමාධ්‍යන්ට වැළඳී ඇති රෝගය වන "ඛේදවාචක රසවින්දන රුචිකත්වයෙන්" ඔබ්බට අදාළ සිදුවීම ගෙන යමින් එම සිදුවීම නියෝජනය කරනු ලබන බොදු විරෝධී ක්‍රියාන්විතය පිළිබඳ ජාතික සංවාදයක්‌ ගොඩනැංවීමට උත්සුක වන්නේ අතලොස්‌සක්‌ ජනමාධ්‍ය පමණී. ජනමාධ්‍යයේ සෞඛ්‍යය පිළිබඳ විමර්ශනය මේ ලිපියේ අරමුණ නොවුණද රටේ ජනමතයේ ශානතිය සම්බන්ධයෙන් වගකිවයුතු ජනමාධ්‍යයන්ගේ මෑත කාලීන "අවිදුර දෘෂ්ටිකත්වයේ" අනුසරණින් බොහෝ සමාජ ව්‍යසන ඔඩු දුවා වැඩෙන බව මතක්‌ කළ යුතුමය. පුද්ගලයාට පමණක්‌ පහරදීමට අප හුරුකරවූ නූතන දේශපාලන සංස්‌කෘතියේ අභාසය ඔස්‌සේ කැසකැවුනු සිරිවර්ධන ඉලක්‌ක කරගත් ප්‍රහාරාත්මක මාධ්‍ය භාවිතයක්‌ පසුගිය කාලයේ අත්විඳි නමුත් මෙරට බෞද්ධ සමාජ සංස්‌ථාව හා චිරස්‌ථිය යනු නූතන ශ්‍රී ලාංකේය දේශපාලනය බඳු තුට්‌ටු දෙකේ සූදුවක්‌ නොවන බව සිහිපත් කළයුතුයි. එහෙයින් සිරිවර්ධනත් ඔහුගේ "මෛත්‍රී ප්‍රොජෙක්‌ට්‌ එකත්" මෙරට බෞද්ධ සමාජ සංස්‌ථාව විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක දිගුකාලීන මෙහෙයුමක එක මුහුණක්‌ පමණක්‌ බව හා එම මෙහෙයුමේ ඓතිහාසික වර්ධනය සාකල්‍ය වශයෙන් විග්‍රහ කරගැනීමට අපි සමත් වූවා දැයි විමසිය යුත්තේ වෙමු.

බෞද්ධ දර්ශනයේ අභාසයට ලංවූවන් ලොව කොතෙකුත් සිටිය හැකි නමුත් එය ආරක්‌ෂා වන්නේ බෞද්ධාගම නැමැති සමාජ සංස්‌ථාව තුළ බව අපි දනිමු. ඒ සමාජ සංස්‌ථාව නිර්මාණය වන්නේද අඛණ්‌ඩව පැවත එන්නේද ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාව තුළ බව නුවණින් දත් නිසාම ගෞතම බුදුන් වහන්සේ පෞද්ගලිකවම තෙවරක්‌ මෙහි වැඩමවා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගත හැකි ඥාන ශක්‌තියෙන් යුතුවූත් ඊට අවශ්‍ය සමාජ ව්‍යුහයකින් සමන්විතවූත් යුනු ලාංකේය ශිෂ්ටාචාරය සමග ධර්ම සංකතිකා මාලාවක්‌ පැවැත්වූ සේක. එහෙයින් ශ්‍රී ලංකාවේ බුදු සමය ආරක්‍ෂාවිය යුත්තේ කෞතුකාගාරයක ඇති පුරා වස්‌තු ලෙස නොවේ. දිවිහිමියෙන් බුදු සමය ආරක්‌ෂා කිරීම අප පෙර රජදරුවන්ගේ මුඛ්‍ය රාජකාරිය වූ අතර කුදු මහත් දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික පමණක්‌ නොව යුධ කටයුතු වලදී පවා බුදු සමය තම න්‍යාය, ක්‍රමවේදය හා අධ්‍යාත්මික අවිය බවට ඔවුහු පත්කර ගත්තාහුය. ගම් දනව් සිසාරා ඇසෙන ගන්ඨානාදයේ පමණක්‌ නොව වාන් ඇලක ගලායන ජල කඳක පවා බුදු සමයෙන් සුපෝෂිත බෞද්ධ සමාජ සංස්‌ථාවේ ආලෝකය දැකගත හැකි විය. අද ඒකීයත්වය ගැන මොනවා දෙසා බෑවත් ඒකීය ලංකාද්වීපයේ සූත්‍රය සිංහල - බෞද්ධ සුසංයෝගයම විය. එනිසාම බුදු සමයේ චිරස්‌ථිය වෙනුවෙන් කැපවීම සෑම බොදුනුවකුගේම සය වැනි ශික්‌ෂා පදය විය යුතුව තිබේ.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමි විය යුත්තේ ඊට ඉඩකඩ ඇත්තේ මෙහිම පමණක්‌ බැවිණි. බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම යනු සෙසු ආගමික අනන්‍යතාවන් මර්දනය නොවේ. එය බුදු සමයට ඉඳුරාම පටහැනිය. එහෙත් ක්‍රි.ව 1505 න් ඇරඹෙන වසර පන්සියයකට ආසන්න කාලය තුළ මර්ධනයට ලක්‌වීමෙන් පසුව බිහිවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තුලද මෙරට බුදු සමයට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට කටයුතු කළ යුතු බව සඳහන් වන්නේ යටකී ඓතිහාසික උරුමය මෙරට ජන විඥානය තුළ නොමළ බව සනිටුහන් කරමිනි. එහෙත් 1948 අප දිනාගත්තා යෑයි කියනු ලබන ඊනියා නිදහසින් පසුව උපක්‍රමශීලිව බෞද්ධාගමික සමාජ සංස්‌ථාව යකර හැරීමට ක්‍රියාත්මක වූ බලවේග තම ජයග්‍රහණය කරා ක්‍රමයෙන් ළඟාවෙමින් සිටින බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට අපට සිදුව තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නවවන වගන්තිය රජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේ යනුවෙන් ලියා ප්‍රතිඥා දී තිබුනද ආගමික කටයුතු අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක්‌ ලෙස බුද්ධාගමට පසු බැසීමට සිදුවී තිබේ. ඊට හේතුව ඊනියා නිදහසින් පසු මෙරට රජගොල්ලන්ට පුරෝහිතකම් කළ හා කරන බොහෝමයක්‌ න්‍යායාචාර්යවරුන්ට බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම වහ කදුරු වී ඇති බැවිණි. ඒ පුරෝහිත බමුණන්ගේ බටහිර කණනනාඩි වලට බුද්ධාගමට අමාත්‍යංශයක්‌ වෙන් කිරීම "ජාත්‍යන්තරිකව පිළිගත් වාර්ගික සංහිඳියාවට" බාධාවකි. ඒ පුරෝහිතයන් මෙහෙය වනු ලබන ජාත්‍යන්තර ප්‍රාග්ධන සංචිත වලින් යෑපෙන මෙරට ආණ්‌ඩුවලට බුදුදහම පිළිබඳ කොන්ද පණ ඇති තීරණයක්‌ ගැනීමද කිසිසේත්ම කළ නොහැක්‌කකි. අපට ජාතික බෞද්ධ නායකත්වයක්‌ නැති බව තව දුරටත් වහෙන් ඔරෝ බාසාවෙන් කීමට අවශ්‍ය නැත. "සෑම ආගමකට සමානාත්වයෙන් සැළකීම" වැනි බටහිර එන්.ජී.ඕ පන්නයේ ස්‌ථාවරයක්‌ දක්‌වා ශ්‍රී ලංකාවේ ජීවනාලිය බාල්දු කර රාජ්‍යතාන්ත්‍රික දේශපාලනමය හා ප්‍රතිපත්තිමය වශයෙන් බෞද්ධ සමාජ සංස්‌ථාවේ පදනම පුපුරුවා හැර ඇති වාතාවරණයක්‌ තුළ විචාරවත් දූරදර්ශී බෞද්ධයන්ට තම අනන්‍යතාවේ චිරස්‌ථිය වෙනුවෙන් හුදකලා මාරාන්තික සටනක නියුතු වීමට සිදුව ඇත. උණ්‌ඩ හා වෙනත් මූලධර්මවාදී අවි භාවිතයෙන් වසර පන්සියකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ විනාශ කිරීමට උත්සාහ දැරුවා වූ බෞද්ධ සමාජ සංස්‌ථාව ඊනියා නිදහසින් පසු යළි ශක්‌තිමත් කරනු වස්‌ ගනු ලැබූ උත්සාහයන්ට අත්ව ඇති ඉරණම කොතරම් ශෝචනීයද? සමස්‌ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් බෞද්ධයන් අන්‍යාගම් වලට හරවා ගැනීම පිළිබඳව පරීක්‍ෂා කර බලා වාර්තා කිරීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවට (2009) අනුව 1954 දී පත්කරනු ලැබූ බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාව, 1957 අග්‍රාණ්‌ඩුකාරවරයා විසින් පත්කරන ලද බුද්ධ ශාසන කොමිසම, 1989 දී පිහිටවූ බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහා වූ පනත් කෙටුම්පත, 2001 දී යළිත් පත් කරනු ලැබූ බුද්ධ ශාසන කොමිෂන් සභාව ආදී ක්‍රමවේද, යාන්ත්‍රන මගින් ඉදිරිපත් කරනු ලැබූ නිරීක්‍ෂණ, නිර්දේශ ගණනින් කොපමණ වන්නට ඇත්ද ? මෙරට පාලනය ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් මාරුවෙද්දී බෞද්ධ ආගමික සංස්‌ථාවේ අභාවය ඉක්‌මන් වූ අතර එය රැකගැනීමට කිසිදු වගකිවයුතු පියවරක්‌ ගනු නොලැබිණි. මේ සන්දර්භය තුළ අන්‍යාගමිකකරණය පිළිබඳ යටකී කොමිෂන් සභා වාර්තාව සැලකිය හැක්‌කේ ඉන් පෙර පත්කරනු ලැබූ කොමිෂන් සභා වාර්තාවල සාරයෙන් පෝෂණය වූ හා කාලීනව උත්සන්න වූ බෞද්ධ සමාජ සංස්‌ථාවට එරෙහි ක්‍රියාන්විතයේ බොහෝ කරුණු සම්පිණ්‌ඩනය කර නිර්දේශ ඉදිරිපත් කරනු ලැබූ යුක්‌ති යුක්‌ත ලියෑවිල්ලක්‌ ලෙසය. එහෙත් අප ඇසිය යුතු පැනය වන්නේ එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වගකිව යුත්තෝ කටයුතු කරමින් සිටීද යන්නයි. අපට බෞද්ධ නායකත්වයක්‌ නොමැති වීමේ අඩුව තදින් දැනෙන්නේ මේ තත්වය තුලය.

නිදහසින් පසු මෙරට පාලනය කළ පක්‌ෂ, නායකකාරකාදීන් තම සුරක්‍ෂිතභාවය හා බල ව්‍යාපෘති සඳහා බුදු දහම අඩු වැඩි වශයෙන් උපයෝගීකරගත්තා මිස, තම වාසිය පිණිස අවස්‌ථාවාදී වරණීය අනුග්‍රහයන් තෝරාගත් බෞද්ධාගමික සිද්ධස්‌ථාන හා භික්‌ෂූන් වහන්සේ වෙත ලබා දුන්නා මිස ව්‍යවස්‌ථාපිත වගකීම හෙවත් බුදු දහමට ප්‍රමුඛත්වය දීමට කටයුතු කළ බවක්‌ නොපෙනේ. ඔවුහු තම පක්‌ෂ, පාට මත තව තවත් කුඩා ඒකක වලට බෞද්ධ සමාජය බෙදා භේදබින්න ඇතිකර එකිනෙකාට වෛරීව කටයුතු කිරීමට ග්‍රාමීය ජනතාව හුරු කරවූහ. මෑතකදී පැවැත්වූ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ සඳහා දේශපාලනය කැපද යන සංවාදය සම්බන්ධයෙන් ලිවිය යුතු අවශ්‍යම පසුවදන වන්නේ එයින් දෙකඩ වූයේද බෞද්ධ සමාජය බවය. බෞද්ධ සමාජ සංස්‌ථාවේ මර්මස්‌ථාන විහාරස්‌ථාන ආණ්‌ඩු පක්‌ෂයේ පන්සල්, විපක්‌ෂ පන්සල් ලෙස බෙදාවෙන්කර තිබේ. සමාජමය වශයෙන් ඓතිහාසිකව දියුණු සමාජ සංස්‌කෘතික ව්‍යවසායක්‌ වූ විහාරස්‌ථානය අද භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ නවාතැන් ගන්නා බෝඩිමක්‌ බවට පත්ව ඇත. පැවිදි වන සීඝ්‍රතාව අඩුය. උපපැවිදිවන සීඝ්‍රතාව විහාරස්‌ථාන වැසීයන සීඝ්‍රතාව වැඩිය. බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ ඉඩකඩම් රාජසන්තක කිරීමෙන්, රාජකාරී ක්‍රම අවුල් කිරීමෙන් අපේ විහාරස්‌ථාන ඉතා දිළිඳු තත්වයකට පත් කිරීම ගැන කිසිවෙක්‌ කථා කරන්නේ නැත. අන්‍යාගමිකකරණය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව වැඩි දුරටත් ප්‍රකාශ අයුරින් පසුගිය කාලය හා වර්තමානය වනාහී බෞද්ධ සමාජ සංස්‌ථාව විනාශ කිරීමට සෘජුව හා වක්‍රව මැදිහත් වන සංවිධාන ආයතන හා ව්‍යාපෘති සඳහා අනුග්‍රහය ලබා දෙන බෞද්ධ විරෝධී කටයුතු වළක්‌වාලීමට රජය මැදිහත් නොවන, බෞද්ධයාට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය හා ආරක්‍ෂාව නොලැබෙන සහ මේ ව්‍යසනය ඇස්‌ පනාපිට සිදුවෙද්දී ගිහි පැවිදි නායකයින් ඇස්‌පියාගෙන සිටින පුදුම සහගත වකවානුවකි. උත්තරීතර ලෙස සැලකෙන පැවිදි නායකත්වයේ වගකීම දිළිසෙන අටපිරිකර පූජාවන් සමඟ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන කෝළම්කරුවන් සමඟ සමූහ ජායාරූප වලට පෙනී සිටීම හෝ එකී කෝළම්කරුවන්ගේ උවමනා එපාකම් අනුව "හඬපට" නිකුත් කිරීම පමණක්‌ වන තරමට ලඝූවී ඇත. ශාසනික නායකත්වය ප්‍රභූන්ට සමීපවීම හා ශාසනය හෙවත් බෞද්ධ සමාජ සංස්‌ථාවේ පදනම ප්‍රභූන් මත යෑපෙන්නට පටන් ගැනීම භාරතයේ බෞද්ධ සමාජයේ පරිහානියට හේතු විය. අප දැන් අත්විඳින්නේ ඊට සමාන වූ යුගයක්‌ද? මෙරට මාක්‌ස්‌වාදීන් බලාසිටින්නේ කාල් මාක්‌ස්‌ ප්‍රකාශ කළ පරිදි ධනේෂ්වරය බිඳවැටී කොමියුනිස්‌ට්‌ සමාජයක්‌ ඉබේටම ස්‌ථාපනය වනතුරුයි. ඔවුන්ගේ අරගලය ධනේෂ්වර බිඳ දැමීම නොව ඔද්දල් වී ඇති මධ්‍යම පංතික ජනප්‍රිය සංස්‌කෘතිය තුළ "දේශපාලන විරැක ගැනීමට" සටන් කිරීමය. වගකිව යුතු බෞද්ධ භික්‌ෂූන් වහන්සේත් "බුදු සසුන කුමන බලවේගයකටවත් විනාශ කළ නොහැකිය" යන මතවාදයේ එල්බ නිශ්ක්‍රියව සිටින සැටියකි. එහෙත් ඓතිහාසික වශයෙන් බුදු සසුනේ චිරස්‌තිය වූ කලී ඒ සඳහා දිවිහිමියෙන් කැපවී ක්‍රියා කළ ගිහි පැවිදි අරගලයන්ගේ අග්‍රඵලයම බව සිහිපත් කරනු කැමැත්තෙමි.

සුපර් ස්‌ටාර් වැඩසටහන් වලින් සමාජගත කරනු ලබන මුග්ධ විඥානයකට සුසර කර ඇති මෙරට ජනමතය, හන්දියක්‌ ගානේ ඉදි වන බුදු මැදුරු, තොරණ, දන්සැල්, හා දෙදහස්‌ හයසියවන සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන්නට අපට යෝජනා කළ ලක්‌ෂ සංඛ්‍යාත ඩිජිටල් බැනර් කියාපාන්නේ මෙරට බුදු සමයට නිසි සැළකීම ලැබී ඇති බවයෑයි ප්‍රතිග්‍රහනය කරනු ඇත. නූතන දේශපාලන සංස්‌කෘතියට හා වානිජ සමාජයට අවශ්‍යම, "ආතල් " වලින් සෑහීමකට පත්වන බහුතර ජන විඥානය මෙරට බෞද්ධ සමාජ සංස්‌ථාවට එරෙහි පුද්ගලික, සංවිධානාත්මක, ගිහි හෝ පැවිදි පිළිල වර්ධනයට ඉඳුරාම අවශ්‍ය පස සකසා දී තිබේ. යටත් විජිත යුගයේදී අසංවිධානාත්මක මෙන්ම සංවිධානාත්මක බෞද්ධ ගිහිපැවිදි විරෝධතා මධ්‍යයේ ක්‍රියාත්මක වූ බෞද්ධ සමාජ සංස්‌ථාව විනාශකිරීමේ ක්‍රියාන්විතය 1940 දශකයෙන් පසු යළිත් පන ලබයි. ඒ වන විට මෙරට දේශපාලන අධිකාරියේ නිර්මාණය වෙමින් තිබූ අවස්‌ථාවාදී ප්‍රවනතාවන් ඔස්‌සේ සූක්‌ෂමව ක්‍රියාත්මක වන ලක්‌දාස්‌ ද මෙල්, ලලිත් මැන්ඩිස්‌, වර්ගිස්‌ චාන්ඩි, ගොඩ්ප්‍රි යෝගරාජා වැනි ගිහි පැවිදි බෞද්ධ විරෝධී න්‍යායාචාර්යවරුන්ගේ සැලසුම් මේ වන විට වේදිකාගත වන්නේ මුළුමනින්ම අන්‍යාගමිකරණ ව්‍යාපෘති ලෙසම නොවේ. අධ්‍යාපනික අවශ්‍යතා, සෞඛ්‍ය හෝ වෙනත් පොදු පහසුකම්, ස්‌වාභාවික විපත්, මුදල් හා සෙසු ආර්ථික ප්‍රතිලාභ, නිදහස ලිංගිකත්වය වැනි සාධක පදනම් කරගත් වරදාන මගින් පසුගාමී ප්‍රජාවන් තුළ ජීවත්වන බෞද්ධයා අන්‍යාගමිකරණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවේ. අනාගමිකකරණයද (ආගමානුකූල නොවන ප්‍රජාවක්‌ බිහිකිරීම) අන්‍යාගමිකකරණය තරම්ම බිහිසුණුය. ඊට අමතරව ගිහි හෝ පැවි වේශයන්ගෙන් බෞද්ධ සමාජ සංස්‌ථාවට රිංගවනු ලබන බෞද්ධ විරෝධී පිල්ලි විසින් නූගත්කම හා සෙසු සාධක මත ආකර්ශනය කරගන්නා බෞද්ධ ප්‍රජාවන් සමගින් ප්‍රධාන සම්ප්‍රදාය තුළ බෙදීම්, සැකමුසු ප්‍රශ්නකිරීම් නිර්මාණය කරනු ලැබ තිබේ. අප තේරුම් ගත යුත්තේ කිසිදු බාධාවකින් තොරව සතුරා බෞද්ධ සමාජ සංස්‌ථාවේ හරය, න්‍යෂ්ටිය දක්‌වාම ගමන් කර ඇති බවයි. අන්‍යාගමික කරණය පිළිබඳව වූ යථෝක්‌ත කොමිෂන් සභා වාර්තාව මෙරට අන්‍යාගමිකකරණය සඳහා මැදිහත් වන රාජ්‍ය නොවන සංවිධාන 379 ක නම් ඉදිරිපත් කරයි. බොහොමයක්‌ එවැනි සංවිධාන ග්‍රාමීය මට්‌ටමේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජා සංවර්ධන නාම පුවරු යටතේ වුවද සියුම්ව විමසා බැලීමේදී පෙනී යන්නේ ඔවුන් ස්‌වයංපෝෂිත සිංහල ගම පරපෝෂිත ඒකකයක්‌ බවට පත්කිරීමේ කාර්යයේ නිමග්නව සිටින බවයි. එහෙයින් අප තේරුම් ගත යුත්තේ යටත්විජිත යුගයේ පටන් සතුරාගේ ඉලක්‌කය වෙනස්‌වී නොමැති බවත් උපක්‍රම හා ක්‍රමවේද පමණක්‌ වඩා ආකර්ශනීය ස්‌වභාවයක්‌ ගෙන ඇති බවත්ය.

බෞද්ධ අනන්‍යතාව තුළ රැදී සිටිමින් අන්‍යාගමිකකරණ ව්‍යාපෘතියේ නියෑලෙන ව්‍යාජ බෞද්ධ සංවිධාන හතරක්‌ අන්‍යාගමිකකරණය පිළිබද කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි. ඒවා කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසාහි පිහිටි "පන්සල" හෙවත් ජපන් නිචිරෙන් මධ්‍යස්‌ථානය, විනය වර්ධන කණ්‌ඩායම, ගොඩකන්ද ව්‍යාපාරය, හා ගාල්ලේ වදුරඹ සිරිවර්ධනගේ ව්‍යාපෘතිය වේ. වගකිවයුතු කොමිෂන් සභාවක්‌ විසින් සිsරිවර්ධන යනු ව්‍යාජ බෞද්ධ සංවිධානයක්‌, බෞද්ධ විරෝධී ක්‍රියාන්විතයේ එක්‌ පැතිකඩක්‌ බවට නිර්දේශ ඇති බව දන්නේ මෙරට කීයෙන් කීදෙනා ද ? සෘජුවම බෞද්ධ විරෝධී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නන් සතුරන්ය. ඔවුන් හදුනා ගැනීම පහසුය. මේ කණ්‌ඩායම් ද්‍රෝහියන්ය. සතුරාටත් වඩා භයානකය. සිරිවර්ධන ගැන යටකී වාර්තාවේ වගන්ති 1006 සිට 1010 දක්‌වා විග්‍රහ කර ඇති අතර, සෘජු අන්‍යාගමිකකරණ වැඩපිළිවෙලවල් හා මේ කණ්‌ඩායම අතර ඇති අපූරු සබදතාව තවදුරටත් සංසන්දනාත්මකව විග්‍රහ කරයි. ඔවුහු බුදු පිළිම වන්දනය, බුද්ධ පුජා, බෝධිපුජා හෙළා දකිති. ඔවුහු චීවරයට ගරු නොකරයි. (සිරිවර්ධනට අනුව සිවුර යනු උර හතරකි බල්ලන්ට බලලුන්ට පවා සිවුරක්‌ ඇතැයි ඔහු කියයි.) බෞද්ධකම මෙරට ජන විඥානයෙන් තුරන් කිරීමට ඔවුන්ගෙන යන උත්සාහය වටහා ගැනීමට තවදුරටත් අපහසුද? මහමෙවුනා උයන යනු බෞද්ධයාට අතිශය පුජනීය වු ඓතිහාසිකවූත් පූජා භූමියක්‌ මිස තවත් බිම්කඩක්‌ නොවේ. එයට බෞද්ධයා කටපුරා බැතියෙන් කියුවේ "මහමෙවුනා උයන" කියාය. එහෙත් අද ඕනෑම තැනක වැව් තාවුල්ලක රබර් කට්‌ටියක්‌ අයිනේ "මහමෙවුනා" ස්‌ථාපනය වී තිබෙනු දැකිය හැකිය. මහමෙවුනා උයන පිහිටා ඇත්තේ කොහිදැයි යන පැනය තව දුරටත් ප්‍රාථමික ශ්‍රේණි සඳහා වලංගු ධර්ම පැනයක්‌ නොවේ. මක්‌ නිසාදයත් එයට ඕනෑම ගමක නමක්‌ පිළිතුරක්‌ ලෙස සැපයිය හැකි බැවිනි. සිරිවර්ධන පලායද්දී උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට යෙදුන "මහමෙවුනා ව්‍යාපෘතිය" ගැනද මෙරට බෞද්ධ භික්‌ෂූන් වහන්සේට ප්‍රශ්න රාශියක්‌ තිබෙන බව කියෑවේ. සිරිවර්ධන එලවා දැමුවද අපි ජය පැන් බොන්නට ඉක්‌මන් නොවිය යුත්තේ එහෙයිනි.

අන්‍යාගමිකකරණය පිළිබද වු කොමිෂන් සභා වාර්තාවට අනුව බෞද්ධ සමාජ සංස්‌ථාව බිද දැමීමේ ප්‍රහාරයන්හි මුඛ්‍ය ඉලක්‌කයක්‌ වී ඇත්තේ ශාසනයයි. එහිදී බෞද්ධයන් දුර්වල කිරීම සංඝයාවහන්සේ දුර්වල කිරීම හා සංඝ සංස්‌ථාව දුර්වල කිරීම ඉලක්‌ක කර විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. බෞද්ධයා කළ කිරවන සුලු විවේචන බෞද්ධයා හා භික්‌ෂූන් වහන්සේ අතර මතභේද ඇති කරවන සුළු තත්ත්වයන් නිර්මාණය වන්නේ මේ සැලසුම් ඔස්‌සේය. මෙම වාර්තාව රැම්බෝ ලුවිස්‌ නම් විද්වතාගේ අන්‍යාගමිකකරණ මූලධර්මය උපුටා දක්‌වයි. ඒ අනුව බොහොමයක්‌ ව්‍යාජ බෞද්ධ සංවිධාන උත්සුක වනුයේ ප්‍රධාන සම්ප්‍රදාය තුළ උප සම්ප්‍රදායක්‌ පිහිටුවා සමස්‌ථ සංස්‌ථාවම විනාශය කරා ගෙන යැමටයි. සිරිවර්ධනගේ "අනුගාමිකත්වය" පවුල් දහතුන්දාහක්‌ලු සිරිවර්ධන වැනි ගිහියන් හෝ කුමන්ත්‍රණකාරී චිවරධාරීන් බිහිව යෙහෙන් වැජඹෙන්නේ හුදකලාව නොවේ. ඔවුන්ගේ පෝෂණයට අවැසි කාරණා බොහොමයක්‌ උපස්‌ථර සමාජ ආර්ථික වටපිටාවෙන් ඔවුහු උකහා ගනිති. රාජ්‍ය මාධ්‍යද ඇතුලුව මෙරට ඇතැම් ජනමාධ්‍ය මේ කුමන්ත්‍රණකරුවන්ගේ මතවාදී විකසනයට උදව් පදව් කර නැති ද ? නුතන අර්බුදය සංගායනා තුළින් පමණක්‌ විස`දාගත හැක්‌කේ නොවේ.

ඊනියා නිදහස ලත් නයේ පටන් මෙරට බෞද්ධ සමාජ සංස්‌ථාවේ චිරස්‌ථිතිය උදෙසා ඉ රිපත්වී ඇති නිර්දේශ ක්‍රියාත්මක වීම සිදුකරන්නේ කවදා ද ? වෝහාරිකතිස්‌ස, ගෝඨාභය, හතරවන කාෂ්‍යප, මහා පරාක්‍රම බාහු ආදි නරපතියන් ශාසනය රැක ගැනීමට දිවිහිමියෙන් කළ කැපකිරීම් නිසාම තීරණාත්මක අවස්‌ථාවලදී නිර්මල ථෙරවාදී බුදුසමයේ ආරක්‌ෂාව තහවුරු වී ඇත. ආගම ප්‍රතිපත්තිය කුමක්‌ වුවත් සෙනග ටිකක්‌ යහමින් ගැවසෙන තැනක පීත්ත පටි කපන්නට, පිළිම ඵලක නිරාවරණයට හදිසිවන සුභපැතුම් ශෝක ප්‍රකාශ යවන, නූතන දේශපාලන සංස්‌කෘතිය තුළ හා ඒවා යුක්‌ති යුක්‌ත කරන වානිජ ජනමාධ්‍ය සදාචාරය තුළ බෞද්ධයාට සෙසු සියලු බේදභින්නතා පක්‌ෂ පාට කුල නිකාය පසෙකලා කොන්දේසි විරහිතව අව්‍යාජ බොදු නායකත්වයක්‌ වටා එක්‌ වීමෙන් පමණක්‌ බෞද්ධ සමාජ සංස්‌ථාව රැකගත හැකිබව මතක්‌ කරනු කැමැත්තෙමි. අපේ රටෙහි ජාතික ආරක්‌ෂාවට එරෙහි කුමන්ත්‍රණ හඳුනා ගැනීමට රහස්‌ ඔත්තුසේවා, බුද්ධි තොරතුරු ඒකක වලින් අප සමන්විත බව අසා තිබේ. ඒවා දේශීය විදේශීය අභ්‍යන්තරික, බාහිර වශයෙන් බෞද්ධ සමාජ සංස්‌ථාවට එරෙහි ක්‍රියාන්විත හදුනා ගැනීමට භාවිත නොවන්නේ ද? ත්‍රිපිටක යනු පිටු තුනකියි දෙසාබාන සිරිවර්ධන ගේ පටන් බෞද්ධ වේශ වලින් පෙනී සිටිමින් ප්‍රෙෘඪ ලාංකීය ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක ද්‍රෝහීන් හදුනා ගැනීමට සමත් සුක්‌ෂම පර්යේෂණ අපි පවත්වන්නෙමුද ? මේවා පිළිබදව නිර්බාධවාදී පිළිවෙතක්‌ අනුගමනය කරමින් මුනිවත රකින වගකිවයුත්තෝ උරුමය වෙනුවෙන් පාරට බසින ගිහි පැවි බෞද්ධයන්ගේ ඔලු පලා "නීතිය හා සාමය" සුරැකීමට නම් පසුබට නොවෙති. සිරිවර්ධන ගස්‌ බැදීමෙන් පමණක්‌ අපට සැනසුම් සුසුම් හෙළිය නොහැකි බව මා යළිත් කියන්නේ එහෙයිනි.


චමිල ලියනගේ
හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලය - Divaina 26/07/2012

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..