Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අනුන්ගේ වස්තුවේ දහම් අදහම් ගැන නොසිතන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. යථාර්තය වර්තමානයයි

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත කම්පා කරවන මතකයන්ද අතීතයේ ගැබ්වී ඇත. මේ හැම අවස්තාවක්ම යම් දිනක අප ගතකළ වර්තමානයන්ය. ගතකරන වර්තමානයේ කාල පරාසය  කෙතෙක්ද යන්න අතීතයට ගිය සිද්ධියට සාපේක්ෂවයි බැලිය යුත්තේ. විභාගයකට සැරසෙන දරුවා ඒ සඳහා ගතකළ වර්තමානය අවුරුද්දක් විය හැක. අකුණු සැරයක් වැදී මියගිය සිද්ධියක් අතීතයට ගියේ ක්ෂණයක තරම් වර්තමාන කාලයකදීය. යථාර්තය නම් සිද්ධිය කුමක් වුවත් වර්තමානය තියෙන්නේ මොහොතක් පමණයි.මේ මොහොතයි. 'මේ මොහොත' යන වචන දෙකේ '' අකුර කියවන විට 'මේ' අකුර අතීතයට ගිහින්. ඒ වාගේමයි 'මේ' අකුර කියවනවිට '' අකුර කියවන කාලය තවමත් අනාගතයයි. මේ අනුව බැලුවහම වර්තමානය තියෙන්නේ ක්ෂණයක් පමණයි. උපන්දා සිට මේ මොහොත දක්වා ගතවූ සෑම මොහොතක්ම ඒ කළ කී සෑම දෙයක්ම දැන් අතීතය වී ඇත. 

අනාගතය යැයි අප කියන්නේ මේ මොහොතට පසුව එන මරණය දක්වා ඇති සියලුම මොහොතයන් වලටය. අනාගතය අප දැක නැත.විඳ නැත. අනාගතය අප සැලසුම් කරනවා විය හැක. සෑම විටම අනාගතය අප සැලසුම් කරන්නේ සුභවාදී දෙයක් සඳහාමය. ඒවා සමහර විට සිහින මාලිගාවන් විය හැක. අනාගතය ගැන මනසේ ඇතිවන්නේ චිත්ත රූප සමුදායක් පමණි. අනාගතය ගැන මවාගත්, සැලසුම් කළ, අපෙක්ෂාවන් ලබුනාද යන්න නිගමනය කැල හැක්කේද මේ මොහොතේම පමණි. මෙසේ සිතන විට අතීතය කියන්නේත්, අනාගතය කියන්නේත්, මේ මොහොතම පමණි.

හොඳ අතීතයක් තිබුණා යයි සතුටු විය හැක්කේ අතීතයට ගිය ඒ මොහොත හොඳ උනා නම් පමණි. අනාගතය වෙනුවෙන් කළ ශුභවාදී අපෙක්ෂාවන් ඉටු වුණා යයි කිව හැක්කේ දැන් ගත කරන මේ මොහොත ශුභදායක නම් පමණි.මෙසේ බලන විට අතීතයත්, අනාගතයත්, දෙකම, මේ මොහොතම තමයි. වර්තමානය කොතරම් කෙටි කාලයක් ද? ක්ෂණයෙන් අප වෙත ලඟාවී අතීතයට යන මේ මොහොත සුන්දර මොහොතක් කරන්නට, ශුභවාදීව ගත කරන්නට අප උත්සාහ කරන්නේ නම් අතීතය සුන්දර අතීතයක් වනු නොඅනුමානයි.

ඒ වාගේමයි අනාගතයත්. කොතකුත් අනාගත සිහින මාලිගා මැවුවත්, අසීමිත අපේක්ෂාවන් තිබුණත්, ඒවා සපුරා ගැනීමට එළඹුණු මොහොතේ උත්සුක නොවුවහොත් අනාගත පැතුම් සුන්වේවි. මැවූ සිහින මාළිගා කැඩී බිඳී යාවි. යථාර්තය වර්තමානයයි. මේ මොහොතයි. එය හරි හැටි ගත කරන්නට  උත්සාහ ගනිමු.


- දිනුසිත් -