Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

ආර්ය ධනයම රැස් කරන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති.

ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි. සමහර විට ඒ සමග කාරුණික, වාසනාවන්ත, සිල්වත් ආදී විශේෂණ පද ද එකතුවිය හැක.

මේ අනුව ඉතා පැහැදිළිව පෙනෙන්නේ අප බෞද්ධ පිරිසක් පන්සිල් සමාදන් වූ විගසම "සත්පුරුෂ" යන නාමය ලැබීමට සුදුසු වන බවය. සරල ලෙස කීවොත් සත්පුරුෂයා යනු “සිතකයසහ වචනය යන තුන් දොර සංවර කරගෙනයහපත් දේ කරන පුද්ගලයානිසාය. දාන,  භාවනාදී අනෙකුත් යහපත් දේ නැතහොත්පින්කම් කිරීමට යනවිට මුලින් පන්සිල් සමාදන් වූ විගස කෙනෙකු තිදොර සංවරවී ඒ පින්කම් කරයි.

එසේම පින්කමක් අවසානයේදී "ඉමිනා පුඤ්ඤ කම්මේන" යන ගාථාව කියමින් නිවන් දකිනා තුරු ඉපදෙන ඉපදෙන භවයක් පාසාම සත්පුරුෂ ආශ්‍රයක් ලැබේවායි පතමු. සත්පුරුෂයන් බවට පත්වීම ද, සත්පුරුෂ ආශ්‍රය පැතීම ද අපට විශේෂ වන්නේ නිවන් දැකීම සඳහා එම ආශ්‍රය ප්‍රධාන අවශ්‍යතාවක් වී තිබීම නිසාය.

මේ අනුව නිවන් දකින්නට කැමැත්තෙන් සිටින බෞද්ධ පිරිස පිංකමක් කරන විටදී පමණක් සත්පුරුෂයන් වී අන්තිමේදී යලි යලිත් සත්පුරුෂයන් ලැබීමට පතමින් පමණක් කාලය ගත කරන බව පෙනේ. පින්කම් අවසන් වූ පසු තමාගේ සත්පුරුෂකම සහ එහි වැදගත්කම අමතක කිරීම යුතු නොවේ. එම සත්පුරුෂකම  දිගටම පවත්වා ගත යුතුය.

මෙම වෙබ් අඩවියේ සඳහන් පරිදි සත්පුරුෂ ගුණ කියවා තේරුම්ගෙන ඒවා තමා තුල ඇතිකරගැනීමෙන් ඕනෑම කෙනෙකුට සත්පුරුෂයෙකු වීමට හැකියාවක් තිබේ. එසේම එම සත්පුරුෂ ගුණ අගය කිරීම ද ඉතා වටිනා ක්‍රියාවකි. ඒ මගින් තවත් බොහෝ දෙනෙකු සත්පුරුෂයන් බවට පත්කිරීමට හැකියාව ලැබේ. සමාජයක් සත්පුරුෂ වීමෙන් කාටත් බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකිවේ.

ධර්මයට අනුව අප දැන් සිටින පෘත්ජ්ජන භූමියෙන් ඉවත්වී ආර්ය භූමියට යාමට නම්  මීට ප්‍රථම පෘතජ්ජන භූමියෙන් සත්පුරුෂ භූමියට පැමිණිය යුතුය. සත්පුරුෂ භූමියේ සිට ආර්ය භූමියට යාම වඩාත් පහසුය. සිහියෙන් තොර විටක වැරදි සිදුවීමට ඉඩ ඇති නමුත් සත්පුරුෂයාට වහා නිවැරදි වීමට ශක්තිය ඇත.

මේ නිසා සත්පුරුෂ ගුණ හැඳින ඒවා හැකිතාක් තමා තුල ඇතිකර ගැනීමත්, අනුන්ට කළ්‍යාණ මිත්‍රත්වයෙන් සැළකීමත් අප විසින් හැකි ඉක්මනින්ම කරගත යුතු කරුණු වේ.  ඉන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තමාට විශාල ධෛර්යයක්, පිටුවහලක් ලැබේ.

සත්පුරුෂ ගුණ හැඳින ඒවා තමා තුල වගා කරගැනීමට මේ  අනුව කිසිවෙකු කිසිවිටක බියවියයුතු නැත. බිය විය යුත්තේ සත්පුරුෂයෙකු නොවී සසර තවදුරටත් ගමන් කිරීමටය. බිය විය යුත්තේ එසේ සිට පව් කිරීමට සිදුවීම ගැනයය.

සැමට සත්පුරුෂ ගුණ වගා කරගැනීමට ධෛර්යය ලැබේවා ..!